මහින්ද මෙහෙයුම් රැසයි

 

 

namal-fix

 

නිල් බළකාය නමින් මෙතෙක් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය මින් මතුවට ක්‍රියාත්මක නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙස සන්ධානයෙන් ඉදිරිපත් විය යුතු බවට මව්බිම උදෙසා කලාකරුවෝ සංවිධානය පවසයි.

හිටපු ජනාධිපතිවරයාගේ යම් යම් අඩුපාඩු තිබුණද එය නිවැරදි කරගැනීමට නැවතත් අවස්ථාවක් ලබාදිය යුතු බව එම සංවිධානයේ සාමාජික, රංගන ශිල්පී ලාල් කුලරත්න මහතා පැවසීය.

images (62)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නැවත දේශපාලන කරළියට ගෙන ඒමේ ව්‍යාපාරය හා එක්වන ලෙසට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර අනෙකුත් පක්ෂ කිහිපයක් විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කර ඇති බව වාර්තා වේ.
විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ හා උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුතු පක්ෂ වලින් මෙම යෝජනාව ඉදිරිපත් වී ඇති අතර හෙට (18) ඔවුන්ගේ ප්‍රධානත්වයෙන් මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දක්වනු පිණිස නුගේගොඩ දී ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීමට ද  නියමිතව ඇත.
කෙසේ වෙතත් එම කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශකයෙකු පවසා සිටියේ අදාළ රැස්වීමට සහභාගී වනවාද නැද්ද යන්න පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම් වරයාගෙන් ස්ථිර පිළිතුරක් මේ වන තෙක් ලැබී නොමැති බව ය.
bguna

මහින්ද රාජපක්ෂ මහතා  ඉතිහාසයේ ජාතික වීරයෙක් බවත් මහින්ද රාජපක්ෂ මහතා යළි බලයට ගෙන ඒම සඳහා කැපවන බවත් හිටපු අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර තිබේ.

නමුත් නුගේගොඩ ලබන 18 වැනිදා පැවැත්වෙන දේශපාලන රැළියට නම් තමන් නොයන බවයි හිටපු අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ.

නුගේගොඩ රැළියට නොයන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් ගත් තීරණයක් නිසා යැයිද ඊට සහභාගිවීම විනය කඩ කිරීමක් යැයිද ඒ මහතා පෙන්වා දෙයි. අද (16) පුංචි බොරැල්ල වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.

many moves to get mahinda in to politics

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.