මහින්ද මෛත්‍රීට කොන්දේසි දමයි

 

 

 

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් අතර පැවැත්වෙන සාකච්ඡාව කොන්දේසි දෙකක්‌ මත සිදුකෙරෙන බව හිටපු ඇමැති හා පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පවසයි.
කිසිදු පාර්ශ්වයක්‌ සමඟ ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවීමේ එකඟතාවක්‌ ඇතිකර නොගැනීම, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හා එම පක්‍ෂය සමඟ සන්ධානගත වන දේශපාලන පක්‍ෂ හා කණ්‌ඩායම් සමඟ ආණ්‌ඩුවක්‌ පිහිටුවීම යන කොන්දේසිවලට මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟ වන්නේ නම් සාකච්ඡා ඉදිරියට ගෙනයැමට මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශ්වය තීරණය කර ඇතැයි ද හෙතෙම කීය.

මෙම සාකච්ඡාව ඉදිරි කාලයේදී පැවැත්වීමට සැලසුම් කරමින් සිටින බවත් ඉහත කොන්දේසිවලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟ නොවන්නේ නම් රාජපක්‍ෂ මහතා වෙනම කණ්‌ඩායමකින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන බවත් ලොකුගේ මහතා පැවසීය.

මේ කොන්දේසි වලින් පෙනී යන්නේ  මේ කතා බහ බිඳ වැටීමට ඉඩ තිබෙන බව දෙපාර්ශවයම වැටහීමකින් සිටින බවයි.
කොන්දේසිවලට එකඟ වන්නේ නම් එදින සිටම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට නායකත්වය දීමට මහින්ද රාජපක්‍ෂ මහතා සූදානමින් සිටින බව ද හෙතෙම අනාවරණය කළේය.

මහින්ද රජපක්ෂ මහතාගේ සහයෝගයෙන් තොරව මැතිවරණ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යා හැකි වුනත්  තමන්ගේ මුරණ්ඩුකම හේතුවෙන් මැතිවරණ පසුබෑමක් ඇතිවුනේය යන චෝදනාවට මුහුණදීමට සිරිසේන මහතා අකමතිවනු ඇත. මේ හේතුවෙන් උපක්‍රමිකව හේතු මත මේ සාකච්ඡාව  සිරිසේන මහතාට වැදගත් වනු ඇත.

 

මහින්ද හොරෙන් මැයි රැලියට ගිය ගමන

 

 

‘හොරු සමග හෙළුවෙන්’

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මුහුණදෙන ආකාරය  මත මේපිළිබඳව මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක්‌ යොමුකරන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රකාශකයෙක්‌  පැවසීය.mahinda maithree
මෙම සාකච්ඡාව මේ සතිය තුළදී පැවැත්වෙනු ඇති බව ඉහත ප්‍රකාශකයා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, ටී. බී. ඒකනායක, මහින්ද අමරවීර, ඩිලාන් පෙරේරා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක්‌ හා මහා සංඝරත්නය කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක්‌ ලෙස මෙම හමුව පැවැත්වේ.

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමට ජනාධිපතිවරයාගේ හා හිටපු ජනාධිපතිවරයාගේ එක්‌වීමේ අවශ්‍යතාවය මොහු පෙන්වා දී තිබේ.

දැනට රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ අයට නැගී තිබෙන චෝදනා දෙස බලන විට මේ සාකච්ඡාව සාර්ථක වුවහොත් සිරිසේන මහතාට සිදුවනුයේ ‘හොරු සමග හෙළුවෙන්’ නාට්‍යයේ ප්‍රධාන

චරිතය රඟපෑමටයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.