මහින්ද-මෛත‍්‍ කථා ලත් තැනම ලොප් වූ හැටි -රිවිර ඇසින්

 

 

front-car

 

දහනවය ගියපසු විස්ස ගැන කතාවෙයි. විස්ස සම්මත කිරීම ගැන විපක්‍ෂය මෙන්ම දැන්වනවිට එක්සත් ජාතික පක්‍ෂයත් උනන්දුය. එ් පාර්ලිමේන්තුව විසුරුවාහැර ඉක්මන් මැතිවරණයකට යාමේ අදහස ඇතිවය. එසේ තිබියදී මහ මැතිවරණයෙන් පසුවද ජාතික ආණ්ඩු මොඩලයකට යාමේ ඉඟි මේ වනවිටත් පළවී හමාරය.

කෙසේ වෙතත් ගෙවීයන සතියේ වඩාත් ආන්දෝලනාත්මක වූයේ ජනාධිපති සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර පැවැති හමුවයි.

මෙම හමුව පැවැත්වෙන බවට මැයි දිනය වනවිටත් ඉගි පළ වීම නිසා එ්කාබද්ධ මැයි දින රැුලියට පැමිණි මන්ත‍්‍රී කණ්ඩායමක් රාත‍්‍රියේම බත්තරමුල්ලේ පිහිටි මන්ත‍්‍රී නිවසකට ගියහ.

ටී.බී එ්කනායක, සාලින්ද දිසානායක, මහින්දානන්ද අලූත්ගමගේ, බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, උදිත් ලොකුබණ්ඩාර, නාමල් රාජපක්‍ෂ, ප‍්‍රසන්න රණතුංග ඇතුළු පිරිසක් එ් අතර වූහ.

මහ මැතිවරණයෙන් ජාතික ආණ්ඩුවද දිනවන්නෙ. ශ‍්‍රීලනිප ආණ්ඩුවක්ද දිනවන්නෙ කියලා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් අහන්න  ඕන යැයි ගාමිණී ලොකුගේ මහතා කීවේය.

මෙම හමුවට පැමිණි නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයා රහසේම කේක් ගෙඩියක් ගෙනවිත් තිබිණි. පැමිණ සිටි මන්ත‍්‍රීවරුන් පවා මේ කේක් ගෙඩියේ කතාව දැන සිටියේ නැත.

නාමල්ගේ ජීප් රථයේ තිබූ කේක් ගෙඩිය උදිත් ලොකුබණ්ඩාර මන්ත‍්‍රීවරයා නිවසේ ආලින්දයට ගෙනාවේය. ඔන්න මගේ නම් නෙමෙයි. මගෙත් නෙමෙයි යැයි කියමින් එක් එක් මන්ත‍්‍රීවරු ඔවුනොවුන්ගේ මුහුණ බැලූහ.

එහෙත් සාලින්ද දිසානායක මන්ත‍්‍රීවරයා පමණක් සිය බිරිඳද සමග කිසිත් නොකියා පැකිළෙමින් සිටියේය.

එදිනට යෙදී තිබුණේ සාලින්ද දිසානායක මන්ත‍්‍රීවරයාගේ 57 වැනි උපන් දිනයයි. සාලින්ද කේක් කෑල්ලක් ගෙන සිය බිරිඳට කැවීමත් සමග මන්ත‍්‍රීවරුද සාලින්දගේ උපන්දිනය සමරමින් කේක් කෑහ.

මෙම හමුව සහ උපන්දින සාදය අවසන් වූයේ ජනපති හා හිටපු ජනපති අතර සාකච්ඡුාව ගැන විවිධ මන්ත‍්‍රීවරුන්ගේ විවිධ යෝජනා පෙරදැරිවය.

ඉරිදා කුමාර වෙල්ගම මන්ත‍්‍රීවරයාට ජනාධිපති කාර්යාලයෙන් දුරකථන ඇමතුමක් ආවේය. එ් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපතිවරයා අතර සාකච්ඡුාවට දින නියම කරමිනි.

බදාදා පැවැත්වෙන සාකච්ඡුාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග පැමිණෙන මන්ත‍්‍රී පිරිස නම්කර එවන්නැයිද කුමාර වෙල්ගම මහතාට දුරකථනය ඔස්සේ උපදෙස් ලැබිණි.

මේ පණිවිඩය ලැබෙන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිටියේ තංගල්ල නිවසේය. එ් බව දුරකථනය ඔස්සේ දැනුවත් කළ කුමාර වෙල්ගම මහතා අඟහරුවාදා මිරිහාන නිවසේදී මහින්ද රාජපක්‍ෂ මහතා හමුවීමටද වේලාවක්ද වෙන්කර ගත්තේය.

එ් අනුව කුමාර වෙල්ගම, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, ටී.බී එ්කනායක, ප‍්‍රසන්න රණතුංග ඇතුළු මන්ත‍්‍රී පිරිස අඟහරුවාදා උදෑසනම මහින්ද රාජපක්‍ෂ මහතා හමුවූහ.

ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම මන්ත‍්‍රීවරු මෙම හමුවට යා යුතුයැයි යෝජනා ස්ථීරවූයේ මෙම සාකච්ඡුාවේදීය.

ප‍්‍රසන්න ඔයත් යමු ? ඩලස් මෙම හමුවට යාමට බස්නාහිර මහ ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතාටද කතා කළේය. නම් තුනයි නම් ඉල්ලූවේ මම යන්න  ඕන නැහැ යැයි ප‍්‍රසන්න රණතුංග කීවේය.

කුමාර වෙල්ගම එ් මොහොතේම ජනාධිපති කාර්යාලයට කතා කොට අදාළ නම් තුන ස්ථිර කළේය.  එහෙත් මෛත‍්‍රී- මහින්ද හමුව පවත්වන තැන ගැන එ් වනතෙක්ම එකඟතාවක් නොතිබිණි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පැත්තෙන් හමුව පැවැත්වීමට යෝජනා වූයේ කථානායක නිල නිවස සහ ජනාධිපති ලේකම් කාර්යාලයයි. මහින්ද මහතාගේ පැත්තෙන් මෙම හමුව ඩාර්ලිපාරේ පිහිටි පක්‍ෂ මූලස්ථානයේ පැවැත්විය යුතුයැයි යෝජන වූයේය.

අවසානයේ දෙපාර්ශ්වයම පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපති කාර්යාලයේ දහවල් 1.30ට මෙම හමුව පැවැත්වීමට එකඟ විය.

හමුවට පෙර දින පැවති මෙම දුරකථන සංවාද අනුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග සුසිල් පේ‍්‍රමජයන්ත, අනුර ප‍්‍රියදර්ශන යාපා සහ ඩිලාන් පෙරේරා ඇමැතිවරයා මෙම හමුවට පැමිණෙන බව දන්වා තිබිණි.

මේ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ මන්ත‍්‍රීවරුන් අතර එදිනම සවස සාකච්ඡුාවක් පවත්වා නිල හමුවේදී කතාබහට ගන්නා කරුණු සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමටද නියම විය. එ් අනුව නුගේගොඩ, දෙල්කඳ පිහිටි සුසිල් පේ‍්‍රමජයන්ත මහතාගේ නිවසේ මෙම සාකච්ඡුාව පැවැත්වීමට මන්ත‍්‍රීවරු ගිවිස ගත්හ.

එ් අනුව බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු මහින්ද රාජපක්‍ෂ මහතා සමග හමුවට යන මන්තිී‍්‍රවරු සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග මෙම හමුවට පැමිණෙන සුසිල් පේ‍්‍රමජයන්ත මහතා ඇතුළු මන්ත‍්‍රීවරු සාකච්ඡුා ආරම්භ කළහ.

මෛත‍්‍රී- මහින්ද  හමුවේදී අවධානය යොමුවිය යුතු මූලික කරුණු  පහක් පිළිබඳව දෙපාර්ශ්වය එකඟතාවයට පැමිණියේ සුසිල්ගේ නිවසේ පැවැති හමුවේදීය. එම හමුව මැදියම් රැුය පහන්වනතුරුත් පැවැතිනි.

පසුදා සාකච්ඡුාවට සියල්ල සැකසී තිබියදී බදාදා දහවල් 12ට පමණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මහ ඇමැති ප‍්‍රසන්න රණතුංගට දුරකථන ඇමතුමක් දුන්නේය.

ප‍්‍රසන්න ඉක්මන් කරලා අභයාරාමයට එන්න පුළුවන්ද හිටපු ජනාධිපතිවරයා ප‍්‍රසන්නගෙන් ඇසුවේය.
හොඳයි සර් යැයි කී ප‍්‍රසන්න මහජන හමුව නවතා දමා අභයාරාමයට ගියේය.

එ් වනවිටත් ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම ජී.එල් පීරිස් සහ මහින්දානන්ද අලූත්ගමගේ ඇතුළු හමුවට එක්වන පිරිස අභයාරාමයට පැමිණ සිටියහ.

ප‍්‍රසන්න අපිත් එක්ක යමු යැයි ඩලස් අලහප්පෙරුම මහතා ප‍්‍රසන්න රණතුංගට දෙවැනි වතාවටත් කීවේය.

ඔව්. අපිත් එක්ක යමු යැයි මහින්ද රාජපක්‍ෂ මහතාද ප‍්‍රසන්න රණතුංගට කීවේය. එ් අනුව හමුවට යන පිරිසට එක්වූ ප‍්‍රසන්න රණතුංග, හිටපු ජනාධිපතිවරයාගේ ආරාධනාව පරිදි ඔහු ගමන් කරන මෝටර් රථයටම ගොඩවූයේය.

මේ වන විට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු මැති ඇමැති කණ්ඩායම දහවල් 12.30ට පමණ පාර්ලිමේන්තුවට පැමිණියහ.

පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් දිවා ආහාරය ගත් හිටපු ජනාධිපතිවරයා ඇතුළු මන්ත‍්‍රී පිරිස සාකච්ඡුාවට අවතීර්ණවීමට ජනාධිපතිවරයාගේ කාර්යාලයට යන්නේ දහවල් 1.38ටය.

එ් වනවිටත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායම වටමේස සාකච්ඡුාවට එක්ව අසුන්වල වාඩිවී සිටියහ. ෙදාර අරිනවාත් සමග ඇමැති රාජිත සේනාරත්න සහ දුමින්ද දිසානායක ඇමැතිවරුන් දුටු සැණින් මහ ඇමැති ප‍්‍රසන්න රණතුංග හමුවට නොගොස් ආපස්සට හැරුනේය.

සර්. මම එළියෙ ඉන්නම්. මම කැමති නෑ ඔය අය එක්ක කතා කරන්නවත් යැයි කී මහ ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් අවසර ගෙන ඉවත්වූයේය.

කෙසේ වෙතත් මෙම හමුවට පැමිණෙන බවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයෙන් කලින් යෝජනා වී සාකච්ඡුාවලට පැමිණි සුසිල් පේ‍්‍රමජයන්ත, අනුර ප‍්‍රියදර්ශන යාපා සහ ඩිලාන් පෙරේරා මහතාට එම හමුවට ආරාධනා ලැබී තිබුණේ නැත.

විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාට පවා මෙම හමුවට කැමතිනම් එන්නැයි දන්වා තිබුණේ නිරීක්‍ෂකයකු ලෙසය. ෙදාර හැර බැලූවිට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග සිටි කණ්ඩායම දැක මහින්ද රාජපක්‍ෂ මහතා සමග ගිය කණ්ඩායම තරමක් වික්ෂිප්ත වූහ.

එම්.කේ.ඞී.එස් ගුණවර්ධන, දුමින්ද දිසානායක, රාජිත සේනාරත්න ඇමැතිවරු සමග මන්ත‍්‍රී ෆයිසර් මුස්තාපා මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡුාවට පැමිණ සිටියහ.

පෙරදින මැදියම් රැුයේ සාකච්ඡුාවට එක්ව සිටි අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා එ්වනවිටත් සිටියේ හමුව පැවැත්වෙන කාමරයෙන් පිටතය.
සර් මොකද එළියෙ ඉන්නෙ යැයි මහ ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා අනුර ප‍්‍රියදර්ශන යාපා මහතාගෙන් ඇසුවේය.

අපි වැඬේ ලෑස්ති කළා නේ අනුර ප‍්‍රියදර්ශන යාපා පිළිතුරු දුන්නේය.

මේ කතාබහ අතරවාරයේ එතැනට පැමිණි මහින්ද රාජපක්‍ෂ මහතා අනුර ඔයා පක්‍ෂෙ මහ ලේකම් නේ. යමු යමු යැයි කියා අනුර පි‍්‍රයදර්ශන යාපා මහතාගේ පිටට තට්ටුවක්ද දමමින් ඇතුළට ගත්තේය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සාකච්ඡුාව ඇරඹීමට මත්තෙන් දෙදෙනාට ආචාර කර ගත්හ.

සාකච්ඡුාව ආරම්භවූයේ ඉන් අනතුරුවය. මුලින්ම කොහොමද ? හොඳයි ආදී සුහද කතාබහකින් ආරම්භ වූ සාකච්ඡුාව මුලදී මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මහ හඬින් සිනාසුනෝය. එය අසල පිහිටි කාමරයේ සිටි අයට පවා ඇසුනේය.

මේ වගේ අපි සාකච්ඡුා කරද්දි කුරුණෑගල රැුලි තියෙන එක හොඳ නැහැ. රාජිත සේනාරත්න ඇමැතිවරයා කීවේය. ඔව් . එ්ක ඇත්ත. එ් රැුලි නැවැත්තුවානම් හොඳ යැයි අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා ඊට එක්විය.

ඊට මැදිහත්වූයේ කුමාර වෙල්ගම මහතාය. මේකයි කුරුණෑගල රැුලිය කරන්නෙ සන්ධානෙම පක්‍ෂ කිහිපයක්නේ. දැනට සංවිධානය කරලා ඉවරයි. එ්ක නවත්වන්න බැහැයැයි කීවේය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම කතාබහට මැදිහත්වූයේ අපිව අන්දන්න බැහැ. අපි බබ්බු නෙමෙයි යැයි කියමින් සිනාසෙමිනි.

එවර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද මෙම කතාබහට මැදිහත්විය. අපි කවුරුත් අන්දන්නෙ නැහැ. අන්දන්න උවමනාවකුත් නැහැ යැයි රාජපක්‍ෂ මහතා කීවේය.

ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරු මෙම රැුලිවලට යන එක නවත්වලා අපි එකට රැුලි තියන්න  ඕන යැයි අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පැවසීය. එ් අනුව කුරුණෑගල රැුලියෙන් පසු එවැනි එකඟතාවන්වලට පැමිණීමේ සාකච්ඡුා පැවැත්වීමට දෙපිරිස එකඟවූහ.

මෙම කතාබහ ප‍්‍රධාන කරුණු පහ යටතේ සාකච්ඡුා කිරීම ආරම්භ වූයේ ඩලස් අලහප්පෙරුම මහතාගේ මැදිහත්වීමෙන් පසුවය.
මහ මැතිවරණයෙන් පසු පිහිටුවන්නේ ජාතික ආණ්ඩුවක්ද ? නැතිනම් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක්දැයි ඩලස් අලහප්පෙරුම මහතා සාකච්ඡුා මේසයට පැනයක් යොමු කළේය.

ඊට පිළිතුරු දුන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාය. බලමුකෝ බලමුකෝ. එ්ක දැන්ම කියන්න බැහැ. ජාතික ආණ්ඩුවක් වේවි යැයි ජනාධිපතිවරයා කීවේය.

මැයි 15 වැනිදායින් පසුව පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වෙනවා. මේවා බහුතරයක්ම ශ‍්‍රිලනිපය බලය තියෙන තැන්. එ් නිසා විසුරුවා හැරීම කල් දැම්මොත් අපට වාසියැයි ඩලස් අලහප්පෙරුම මහතා කීවේය.

ගාල්ලෙදී අපේගමෙදී කරපු දේවල් මතකයි නේ. එ් නිසා මට එ්වායේ ඉන්න අය ගැන විශ්වාසය කඩවෙලා තියෙන්නෙ. මැයි 15 පස්සෙ නාමයෝජනා මණ්ඩලයකට නාම යෝජනා කැඳවනවා. ජන්දෙ ගැන පස්සෙ බලමු යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කීවේය.

මූල්‍ය අපරාධ කොට්ඨාශය සම්බන්ධ කරුණුවලදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එ් සම්බන්ධයෙන් දැනටමත් අගමැතිවරයා දැනුවත් කර ඇති බවත් එම කොට්ඨාසය දේශපාලනයෙන් තොර කරන බවත් පැවැසීය.

මීළඟට අවධානය යොමුවූයේ එළැඹෙන මහ මැතිවරණයට අගමැති අපේක්‍ෂකයකු නම් කිරීම පිළිබඳවය. මහින්ද රාජපක්‍ෂ මහතා සමග සිටි මන්ත‍්‍රීවරු අගමැති අපේක්‍ෂකයකු නම් කරනවාදැයි විමසුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන
මහතාගෙන්ය.

අගමැති අපේක්‍ෂකයකු නම් කිරීමේ සම්ප‍්‍රදායක් නැහැ. එ් නිසා අගමැති අපේක්‍ෂකයකු අවශ්‍ය වන්නෙ නැහැ. එ්ක අපට අවාසියි. සුළු පක්‍ෂ අපෙන් ඈත් වෙන්න පුළුවන් යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නේය.

චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමිය එවැනි නම් කිරීමක් කළා යැයි ඩලස් අලහප්පෙරුම මහතා පෙන්වා දුන්නේය. එ් ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වූ ජනාධිපතිවරයා, අවශ්‍ය නම් එ් ගැන පක්‍ෂ මධ්‍යම කාරක සභාවේ කතාකොට තීන්දුවක් ගමු යැයි කීවේය.
මැතිවරණයට සන්ධානයක් ලෙස තරග කරනාවාද ? නැතිනම් ශ‍්‍රීලනිපය ලෙස තරග කරනවාදැයි මීළගට කතාබහට ලක්විය. එහිදී ජනාධිපතිවරයා අර දෙන්නට නම් අපිත් එක්ක තරග කරන්න දෙන්න බැහැ යැයි කීවේය.

එසේ අදහස් කළේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ගැන යැයි නිශ්චය කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එහෙම කරන්න බැහැනේ. මම සන්ධානෙන් තරග කරනකොට උදව් කළේ එ් අය යැයි කීවේය.

පැයක පමණ කාලයක් පැවැති මෙම හමුවෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නැගිට්ටේ පස්වරු 2.40ට පමණය. එ් මට සන්නස්ගලගේ වැඩකට යන්න තියෙනවා. ඔයගොල්ලො කතාව කරගෙන යන්න යැයි කියමිනි. අවශ්‍යනම් නායකයො හමුවෙන්න වුවමනා වෙලාවට හමුවෙමු. නැත්නම් මේ කණ්ඩායම්වලට ඉදිරියට මේ සාකච්ඡුාව කරගෙන යන්න පුළුවන් යැයි ද ජනාධිපතිවරයා කීවේය.

මටත් කදිරානේ දේවාලෙ පූජාවකට යන්න තියෙනවා යැයි කියමින් මහින්ද රාජපක්‍ෂ මහතාද අසුනෙන් නැගිට්ටේය.
එ් අනුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා උපුල් ශාන්ත සන්නස්ගල මහතාගේ කෘති 15 ෙදාරට වැඞීමේ සන්න අරගලයට සහභාගිවීම සඳහා චිත‍්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවට පැමිණියේය.

මෙම උත්සවය සංවිධානය කර තිබුණේ සන්නස්ගලගේ  මාධ්‍ය ජීවිතයට වසර 30 සපිරීම නිමිත්තෙනි.

එ් වනවිට එහි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ කලාකරුවන්, මාධ්‍ය–වේදීන් රැුසක් වූහ. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම උත්සවය අමතමින් අතීතයේ තමන් මුහුණ දුන් රසවත් සිදුවීම් කිහිපයක්ම සිහිපත් කළේය.

එ් අතර සිය මිතුරු අමරබන්දු රූපසිංහ මාධ්‍යවේදියාගේ යටගියාව පිළිබඳව අපූරු කතා කිහිපයක් විය. අමරබන්දු රූපසිංහ… අමරබන්දු රූපසිංහ කියමින් අමරබන්දු ගී ගයන ආකාරයේ ගීත කොටසක්ද ජනාධිපතිවරයා ගායනා කළේය.

සිරිමාවෝ මැතිනිය සමග හෙලිකොප්ටරයෙන් පොළොන්නරුවේ සිට කන්තලයට යනවිට අමරබන්දු රූපසිංහ බීමත්ම සිටි නිසා මැතිනියගේ සාරියට වමනෙ කළ කතාවක්ද එ් අතර විය.

හිතන්නකෝ එකෙක් බීල බීලා මැතිනියගේ සාරියට වමනේ දැම්මම මොනවා වෙයිද කියලා යැයි ජනාධිපතිවරයා කී කතාවට සභාවේ සියල්ලෝම සිනාසුනහ. එදා මැතිනිය නහය වහගෙන තරහෙන් පුපුර පුපුර කන්තලේ ගිය හැටිත් වෙනත් සාරියක් මාරුකරගෙන රැුස්වීමට ගිය හැටිත් තාම මතකයැයි ජනාධිපතිවරයා මෙම කතාවේදී කීවේය.

 

dasa2

 

 

 

 

සන්නස්ගලගේ ගෙම්බා කෘතියෙන් උපුටාගනිමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලංකාවේ තියෙනවා ලිහා ගන්න බැරි ගැට දෙකක්. එකක් ජේ. ආර්ගේ ව්‍යවස්ථා ගැටය. අනෙක හෝටලේ හොදි දාලා දෙන ග්‍රොසරි බෑග් එකේ ගැටය.

ග්‍රොසරි බෑග් ගැටය ලිහන්න ගිහිං ඇෙ`ග් හොඳි හලාගන්නවා. ජේ.ආර්.ගේ ව්‍යවස්ථා ගැටය ලිහන්න ගිය දේශපාලනඥයොත්   ඇෙ`ග්  හොදි හලාගත්තා. එ් වුණාට ඔන්න මමයි අගමැතිතුමයි ඇෙ`ග් හොදි හලාගන්නෙ නැතිව ගැටේ ලිහාගත්තා.යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කී කතාවට සභාවේ සිටි සියල්ලෝමපාහේ අත්පුඩි ගැසූහ. එතැනින් නික්ම ආ ජනාධිපතිවරයා අමාත්‍ය රාජිත සේනාරත්නට දුරකථන ඇමතුමක් දී අද හමුව ගැන මොනවද කතා යැයි ඇසුවේය

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර පැවති හමුවෙන් පසු ජනාධිපතිවරයාගේ කාර්යාලයෙන් පිටතට පැමිණි මන්ත‍්‍රී පිරිස වෙන වෙනම මාධ්‍ය නිවේදන නිකුත් කිරීම ගැන අවධානය යොමු කළේය.

එ් අනුව ඩලස්, ජී.එල්, මනූෂ, මහින්දානන්ද, කුමාර වෙල්ගම ඇතුළු මන්ත‍්‍රී කණ්ඩායම විපක්‍ෂයේ ඇඳුම් කාමරයේ මෙම නිවේදනය සකසමින් සිටියහ. එ් අතර ජනාධිපතිවරයා වෙනුවෙන් මාධ්‍ය නිවේදනය සැකසීම සිදුවූයේ විපක්‍ෂ නායක කාර්යාලයේය. ඊට එක්ව සිටියේ විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා සහ අනුර ප‍්‍රියදර්ශන යාපා මහත්වරුන්ය. මේ අවස්ථාවේ ඩලස්, මනූෂ ඇතූළු කණ්ඩායම සිටි ඇඳුම් කාමරයට නිමල් සිරිපාල සහ අනුර ප‍්‍රියදර්ශන යාපා මහත්වරු පැමිණියහ.

අපි එකක් යවමු යැයි අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා යෝජනා කළේය. එ් අනුව ඩලස් අලහප්පෙරුම සහ මනූෂ නානායක්කාර මෙම නිවේදනය සකස් කළ අතර එය බෙදා හැරියේ අනුර ප‍්‍රියදර්ශන යාපා සහ මනූෂ නානායක්කාර මන්ත‍්‍රීවරුන්ය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ හමුවෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පිටව ගියේ මීගමුව කදිරාන දේවාලයේ පැවැති පූජාවකට එක්වීම සඳහාය.

මෙසේ පිටව ගිය මහින්ද රාජපක්‍ෂ මහතාට ජාතික නිදහස් පෙරමුණේ පළාත් සභා මන්ත‍්‍රී ලලන්ත ගුණසේකර මහතාගේ කටුනායක පිහිටි නිවසේ තේ පැන් සංග‍්‍රහයක් සංවිධානය කර තිබුණේය. විමල් වීරවංශ ඇතුළු මන්ත‍්‍රීවරු පිරිසක් එ් වනවිටත් එහි පැමිණ සිටියහ.
අන්න ඔහේගෙ නමත් කියවුණා යැයි මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රසන්න රණතුංග දුටු සැණින් කීවේය.
එ් මොකද සර් යැයි ප‍්‍රසන්න ඇසුවේය.

එ් බත්තරමුල්ලෙ අපේ ගමදි වෙච්ච වැඩක් ගැන කියලා. මහින්ද රාජපක්‍ෂ මහතා කීවේය.
ඕකට මම අල්ලගෙන තියෙන්නෙ. මම එ්කට සම්බන්ධ නැහැ යැයි ප‍්‍රසන්න කීවේය.
කදිරානේ පූජාව පැවැත්වෙන තැනට සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මියද පැමිණ සිටියාය.
ආ.. කෝ බබාලා දෙන්නා. එයාලා මොකද කරන්නෙ යැයි සුදර්ශනී දුටු මහින්ද රාජපක්‍ෂ මහතා ඇසුවේය.
එයාලා දෙන්නම ලෝ (නීතිය * කරනවා යයි සුදර්ශනී කීවාය. මෙම පූජාවෙන් පසු මහින්ද රාජපක්‍ෂ මහතා පළාත් සභා මන්ත‍්‍රී ආනන්ද හරිස්චන්ද්‍ර මහතාගෙ සීදුව නිවසේ සූදානම්කර තිබූ රාත‍්‍රී භෝජන සංග‍්‍රහයටද එක්වූයේය.
එදින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා රාත‍්‍රි භෝජන සංග‍්‍රහයට එක්වූයේ අගමැතිගේ ආරාධනාවකට අනුව ටාජ් සමුද්‍රා හෝටලයේදීය. අගමැතිවරයාගේ ආරාධනාවට අනුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඇතුළු ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් සියලූදෙනා මෙම රාත‍්‍රී භෝජන සංග‍්‍රහයට එක්ව සිටියහ.
මෙම භෝජන සංග‍්‍රහයේ දවසේ මාතෘකාව වූයේ මෛත‍්‍රී මහින්ද හමුවය. ජනාධිපති, අගමැති හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගද මෙම සාදයේදී හමුවී කතා බහ කළහ. එහිදී ඇමැති රාජිත සේනාරත්න ඇතුළු මෛත‍්‍රී මහින්ද හමුවට එක්වූ ඇමැතිවරුන්ගෙන් එජාප ඇමැතිවරු එම හමුවේ විස්තර ඇසුවෝය.
චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය රාත‍්‍රි ආහාර ගත්තේ මංගල සමරවීර, ගයන්ත කරුණාතිලක, රංජන් රාමනායක, අර්ජුන රණතුංග, එම්.කේ.ඞී.එස් ගුණවර්ධන, හර්ෂ ද සිල්වා ඇමැතිවරු සිටි මේසයේය.
චම්පිකා පේ‍්‍රමදාස මහතා එතනට පැමිණ මුදල් පසුම්බියක් හිටපු ජනාධිපතිනියට පෙන්වමින් මේක පුටුවක් උඩ දාලා තිබුණා. මම මේ හොයාගෙන ආවා යැයි කීවේය.
ආ… එහෙනම් ඔකේ තිබුණු සල්ලි තියේද බලන්න යැයි අනෝමා ගමගේ මන්ත‍්‍රීවරිය චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියට කීවාය.
ඕකේ තියෙන්නෙ ලේන්සුවක් විතරයි
එතකොට අර කැමරාව ඔකේ නැද්ද ? ඉරාන් වික‍්‍රමරත්න මහතා ඇසුවේය.
එ්ක දන්නෙ රවී කරුණානායක තමයි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කීවාය.
රාත‍්‍රි 12 වෙනකම් පමණ පැවැති මෙම හමුවේ අවසානය තෙක්ම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සිටියේය. ජනාධිපතිවරයා එජාප මැති ඇමැතිවරුන් සමග මෙන්ම ආණ්ඩුවට එක්වූ ශ‍්‍රිලනිප මැති ඇමැතිවරු සමග සුහදව කතා කළේය.
මේ අතර හිටපු ඇමැති මර්වින් සිල්වා මහතාගේ සංකල්පයක් අනුව ඉදිකිරීම් ආරම්භ කළ මහියංගන සුවිසල් විශ‍්‍රාම ශාලාවේ වැඩකටයුතු කඩිනමින් නිමා කිරීමට කරු ජයසුරිය මහතා කටයුතු යෙදු අතර පසුගිය සිකුරාදා පැවති විවෘත කිරීමේ උළෙලට මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයාටද ආරාධනා ලැබිණි.
” ඔබතුමාගේ විෂය යහපාලනය. යහපාලනය තියෙන බව එදා පාර්ලිමේන්තුවේ ? ගතකරපු අපේ අයටත් දැණුනා. බැරි වෙලාවත් ලයිට් කපලා, ඒ.සී කපලා දැම්මා නම් අපේ කාටවත් එදා ? පාර්ලිමේන්තුවේ නිදියන්න වෙන්නේ නෑ. ඔබතුමා හොඳ දෙමාපියන්ගේ උසස් ලේ තියෙන මනුස්සයෙක් හැටියට මට ආරාධනා කළාම මට නෑවිත් බෑ. හැබැයි මම ආයේ නම් එන්නේ නෑ. මොකද මට හිටපු ඇමැති කියන වචනය පේන්න බෑ,” මර්වින් සිල්වා මන්ත‍්‍රිවරයා කරු ජයසූරිය මහතා දෙස බලමින් පැවසීය.

 

 

tokka

මේ අතර පසුගිය බදාදා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය       රැුස්වූයේ වර්තමාන දේශපාලන තත්ත්වය සහ ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමටය.
පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේ පැවැති එම රැුස්වීම ජවිපෙ නායක අනුර දිසානායක ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී ප‍්‍රධාන වශයෙන් අවධානයට ලක්වුණේ 19වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීමෙන් පසු තත්ත්වය සහ වත්මන් ආණ්ඩුවේ දින සියයෙන් පසුව ඇති තිබෙන දේශපාලන තත්ත්වය පිළිබඳවය.
”19 සංශෝධනය සම්මත වෙලා තියෙනවා. නමුත් ඒකේ අඩංගු දේවල් කි‍්‍රයාවට නැගීම සම්බන්ධයෙන් තවමත් අවධානයට ලක්වෙලා නැහැ. සම්මත කරලා විතරක් බැහැ. වගන්ති හරියටම කි‍්‍රයාවට නැංවීමටත් බලපෑමක් අවශ්‍ය වෙයි කියලා හිතෙනවා.” අනුර දිසානායක කියා සිටියේය.
”ඔව්, මේ ව්‍යවස්ථා සංශෝධනයේ විශාල ප‍්‍රමාණයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැත්තෙන් ඉතාම වැදගත්. කොමිෂන් සභා පත්කරන එක. ව්‍යවස්ථාදායක සභාව පත්කරන එක වගේ දේවල්. ඒ නිසා ඒ ගැන වැඩි අවධානයක් යොමුකරවන්න  ඕනෑ.” ටිල්වින් සිල්වා කීවේය. ”ඒ විතරක් නෙවෙයි. ඒ සංශෝධනයට අදාළව තවත් පනත් කිහිපයක් සම්මත කරගන්න  ඕනෑ. තොරතුරු දැනගැනීමේ පනත, මන්ත‍්‍රීවරුන්ගේ ආචාර්ධර්ම වගේ දේවල් කිහිපයක් සකස් කරගන්න තියෙනවා. බලපෑමක් නැති වුණොත් මේවා තවත් පස්සට යනවා” ලාල්කාන්ත කීවේය.
”ඒ විතරක් නෙවෙයි, දැන් 20 සංශෝධනයක් ගැනත් සාකච්ඡුාවක් යනවා. ඒ නිසාම අනෙක් දේවල් යටයන්නත් පුළුවන්. 19න් පස්සේ හරිනම් පාර්ලිමේන්තුව විසුරුවන්න  ඕනෑ. දැන් මේ 20 සංශෝධනය ගෙනත් ඡුන්දේ කල්දාන්න හදන්නේ. මැතිවරණ ක‍්‍රමයක් හදන්න ඒ තරම් ලේසියෙන් බැහැ. ඡුන්දේ කල්දාන්න යන ප්‍රෝඩාවක් තමයි මේ කරන්නේ” හඳුන්නෙත්ති කීවේය. ”අලූත් මැතිවරණ ක‍්‍රමයක් හදනවනම් ඒක හැම පක්ෂයකටම සාධාරණ වෙන්න  ඕනෑ. ඒ වගේම ජනතාවගේ කැමැත්ත සාධාරණව ඒ මැතිවරණ ක‍්‍රමයෙන් නියෝජනය වෙන්න  ඕනෑ. ඒකට හැම පක්ෂයකම අදහස් ගන්න  ඕනෑ. අපි අපේ ස්ථාවරය කියලා තියෙනවා. 20 ආවොත් ඒකේ කරුණු බලලා තමයි අදහසක් කියන්න වෙන්නේ” බිමල් රත්නායක කීවේය.
මේ අතර ”19 සංශෝධනය සම්මත වීමෙන් පසු තත්ත්වය ගැනත් දින සියය අවසන් වීමෙන් පසු දේශපාලනය තත්ත්වය ගැන ජනාධිපතිවරයා සමග සාකච්ඡුාවක් කරමු. ඒ සාකච්ඡුාවේදී පාර්ලිමේන්තුව විසුරුවීම ගැන අලූත් පනත් ගැන අපේ ස්ථාවරය කියන්න පුළුවන්. ඒ වගේම ජනාධිපතිවරයාගේ ස්ථාවරයත් දැනගන්න පුළුවන්” අනුර දිසානායක යෝජනා කළේය. ”ඒ විතරක් නෙවෙයි අපි 19න් පසු තත්ත්වය හා දින සියයෙන් පසු තත්ත්වය ගැන ජනතාව දැනුවත් කරන්න වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුයි. අත්පත‍්‍රිකාවක් බෙදලා සම්මන්ත‍්‍රණ මාලාවක් කරලා අලූත් වටයකින් මේ ගැන සංවාදයක් ගන්න  ඕනෑ. රටේ ජනතාව හැමවෙලාවේම දේශපාලනය ගැන අවදියෙන් තියන එකයි කළ යුත්තේ. ජනතාව සංවේදී නම් දේශපාලනයේ අලූත් වෙනස්කම් කරගන්න පුළුවන්” ටිල්වින් සිල්වා යෝජනා කළේය.
ඒ අනුව ජනාධිපතිවරයාගෙන් සාකච්ඡුාවක් ඉල්ලා ලිපියක් යොමු කිරීමට තීරණය කළ අතර ලබන 13 වෙනිදා නව දේශපාලන තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කරන අත්පත‍්‍රිකා බෙදාහැරීමේ ව්‍යාපාරයක්ද ආරම්භ කිරීමට තීරණය විය. එමෙන්ම දිවයින පුරා සම්මන්ත‍්‍රණ මාලාවක්ද පැවැත්වීමට නියමිතය.
මේ අතර විල්පත්තු වන රක්ෂිතයේ සිදුවන අනවසර පදිංචිකිරීම් ඇතුළු වන සංහාරය පිළිබඳවද ජවිපෙ නායකයින්ගේ අවධානය යොමුවී තිබිණි. ”විල්පත්තුවේ වන රක්ෂිතයේ අනවසර පදිංචිකිරීම් කරනවා. ඒ විතරක් නෙවෙයි දැව ජාවාරම් වෙනවා. මේවා ගැන ආණ්ඩුවේ බලධාරීන්ගේ කිසිදු අවධානයක් යොමු වෙලා නැහැ. ඒ නිසා අපි මේ නීති විරෝධී කි‍්‍රයා නතර කරන්න මැදිහත් වෙන්න  ඕනෑ.” ලාල්කාන්ත කියා සිටියේය. ”ඔව්, අපි මේ ගැන හොයා බලන්න  ඕනෑ. අපි කණ්ඩායමක් විල්පත්තුවට ගිහින් මේ ගැන හොයලා බලමු. එතකොට ඒකට තියෙන අවධානය වැඩිවෙයි.” විජිත හේරත් යෝජනා කළේය. ඒ අනුව ලාල්කාන්ත ඇතුළු කණ්ඩායමක් විල්පත්තුවේ සිදුවන නීති විරෝධී කි‍්‍රයා පිළිබඳව සොයා බැලීමට සිකුරාදා දිනයේ එහි යෑමට තීරණය කෙරිණි.

රමේෂ් වරල්ලෙගම

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.