මහින්ද සචින්ට වාහන 23ක් දීලා

AG6K1023 copy.jpgජනාධිපති ලේකම් කාර්යාලයයේ වාහන අයථා පරිහරනය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හා විදේශ අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ලබන මස 03 දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(20) නියෝග කළේය.

ජනපති ලේකම් කාර්යාලයයට අයත් වාහන 23ක් මන්ත්‍රීවරයා භාවිත කර ඇති බවත්, ඉන් වාහන දෙකක් ඔහුගේ පෞද්ගලික ආරක්ෂක සේවයක වැඩට යොදාගෙන ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

තවත් වාහන දෙකක වර්ණ වෙනස් කර ඇති බවත්, එක් වාහනයක් පිළිබඳව තොරතුරුද නැති බවත් රහස් පොලීසිය කීවේය.

ජනපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු හිමිවන්නේ වාහන දෙකක් පමණි.

ඔහුගේ නීතීඥයන් පවසා සිටියේ මන්ත්‍රීවරයා සියලු වාහන භාවිත කළේ හිටපු ජනපතිගේ අනුමැතිය ඇතිව බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.