මහින්ද සමග නැගිටින්න මන්ත්‍රීවරු පනහක්

f83c9c315cf89e75d4d5b66c3e25f60b_L (1)

 

 

“මව්බිම අනතුරේ – මහින්ද සමග රට දිනවමු“ යන තේමාව යටතේ කුරුණෑගල පැවැත්වෙන ජන රැළියට හිටපු ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සහභාගීව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, කුමාර වෙල්ගම, වී.කේ ඉන්දික, ගාමිණී ලොකුගේ, ගීතාංජන ගුණවර්ධණ, සරත් කුමාර ගුණරත්න, සරණ ගුනවර්ධන, ටී.බී. ඒකනායක, වයි.ජී පද්මසිරි, ජගත් බාලසූරිය, ලොහාන් රත්වත්තේ, ජයන්ත කැටගොඩ, කමලා රණතුංග, අරුන්දික ප්‍රනාන්දු, ප්‍රියංකර ජයරත්න, රෝහණ දිසානායක, ජී.එල් පීරිස්, අබ්දුල් කාදර්, රංජිත් සොයිසා, දිනේෂ් ගුණවර්ධණ, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, මනූෂ නානායක්කාර, ෂෙහාන් සේමසිංහ, ජානක වක්කුඹුර, මොහාන් සිල්වා, එස්.සී මුතුකුමාරණ, නිශාන්ත මුතුහෙට්ටිගම, චාමික බුද්ධදාස, තේනුක විදානගම, උදිත ලොකුබණ්ඩාර, දිලුම් අමුණුගම, සරත් වීරසේකර, ශ්‍රියානි විජේවික්‍රම, ඩලස් අලහප්පෙරුම, රොෂාන් රණසිංහ, එස්.එම් චන්ද්‍රසේන, වීරකුමාර දිසානායක, ජානක ප්‍රියන්ත බණ්ඩාර, තාරානාත් බස්නායක, නිමල් විජේසිංහ, ජයරත්න හේරත්, විජිත බේරුගොඩ, නිර්මල කොතලාවල සහ මාලිනී ෆොන්සේකා ද එම පිරිස අතර වේ.

 

මීට අමතරව පළාත් ආණ්ඩුකාරවරු, පළාත් සභා අමාත්‍යවරු, මන්ත්‍රීවරු සහ පළාත් පාලන ආයතන නියෝජිතයින් රැසක්ද සහභාගීව සිටියි.

සිරිසේන  භූමිකාව විහිළුවක්

මේ සමගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තීරණයක් ගැනීමට සිදුවෙනු ඇත.මධ්‍යම කාරක සභාව තීරණය කොට තිබුනේ මෙම රැස්වීම් මාලාවට ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයින් සහභාගී නොවිය යුතු බවයි. මෙම තීරණයට පක්ෂ සාමාජිකත්වය අනුගත විය යුතු බව පසුගියදා රාජපක්ෂ මහතා සහ ජනාධිපතිවරයා අතරේ පැවති හමුවේදීත් අවධාරණය කොට තිබින.

19 වෙනි ආණ්ඩු ක්‍රම සංසෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඡන්දය දීමත් සමගම මහින්ද රාජපක්ෂ මහතාට ලැබෙන සහයෝගය අඩුවෙතැයි  ඇතමුන් කල්පනා කළත් එසේ

සිදුවෙන බවක් පෙනන්නට නැත.මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින්ගේ සහයෝගයෙන් තොරව පක්ෂයේ සභාපති තනතුර දරනවාද නැද්ද යන්න පිළිබඳව සිරිසේන මහතාට තීරණයක් ගැනීමට සිදු විය හැකිය.තමන්ට වලංගු නැති පක්ෂ සාමාජිකත්වයක් වෙනුවෙන් පෙනී සිටීම නිසා සිරිසේන මහතාගේ භූමිකාව විහිළුවක් විය හැකිය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.