මහින්ද සහ සමාගමේ හෙලික්ප්ටර් බිල ලක්ෂ 300 පනී

 

 

downloadlanka

 

 

 

පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පල කිරීමට හිටපු අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් ගුවනින් යාමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා භාවිතා කිරීම සම්බන්ධයෙන් ගුවන් හමුදාවට අයවිය යුතු මුදල රුපියල් මිලියන 30.48ක් බව රාවය පුවත්පත වාර්තා කර ඇත.

ඒ සඳහා 2014 දෙසැම්බර් 01 වැනිදා සිට 2015 ජනවාරි 09 වැනිදා දක්වා ගුවන් හමුදාවේ හෙළිකොප්ටර් පාවිච්චි කර තිබෙන ගමන් වාර ගණන 138 කි.

නාමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, විමල් වීරවංශ, සුසිල් ප්‍රේමජන්ත, දිනේෂ් ගුණවර්ධන, තිස්ස විතාරණ, වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර, ඡනාධිපතිවරණයට අපෙක්ෂකයකු ලෙස ඉදිරිපත්වූ සරත් මනමේන්ද්‍ර යන අය මේ ගුවන් බිලට මෙසේ ගුවනින් ගිය අය වෙති.

නාමල්ගේ හෙලිකොප්ටර් වියදම මිලියන 15.08ක් බව පැවසේ.

බැසිල්ගේ හෙලිකොප්ටර් වියදම මිලියන 4.8ක්ද, විමල් විරවංශයේ හෙලිකොප්ටර් වියදම රුපියල් මිලියන 5.8ක් බවත්, දයාසිරිගේ හෙලිකොප්ටර් වියදම රුපියල් 3.9ක් හා සුසිල් ප්‍රේමජන්තගේ හෙලිකොප්ටර් වියදම රුපියල් මිලියන 2.6ක් බවද පැවසේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂලේ බිරිය ශිරන්තිද හෙලිකොප්ටර් වලින් ගමන් බිමන් යාමට රුපියල් මිලියන 2.2ක් පාවිච්චි කර ඇතැයි රාවය අනාවරණය කර තිබේ.

Mahinda Rajapaksha,s helicopter bill exceeds  Rs 30 million.

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.