මහෙස්‌ත්‍රාත් ගේ බොදු බැතිය උතුරේ පන්සල් අවුල ලිහයි

sampurඋතුරු පළාතේ යාපනය දිස්‌ත්‍රික්‌කයේ නාවක්‌කුලිය දඹවල ශාන්තිපුර, යාපනයේ ඇති එකම සිංහල ගම්මානයයි. පවුල් 57 ක්‌ පදිංචි මෙම ගම්මානයේ සිංහල බෞද්ධ ජනයාගේ ආගමික කටයුතු සිදුකරන විහාරස්‌ථානය “සමිද්ධි සුමන විහාරයයි” සමිද්ධි සුමන විහාරය බුද්ධ ශාසන අමාත්‍යාංශය යටතේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විහාරස්‌ථානයකි.

පන්සලේ කුඩා විහාරයක්‌ද බෝධි ප්‍රාකාර සහිත බෝධීන් වහන්සේ නමක්‌ද, දෙතුන් සියයකට රැස්‌විය හැකි ශාලාවක්‌ද ශාලාවට යාබදව කාමර දෙකක්‌ සහ කාමර දෙකට පිටුපසින් කුඩා දාන ශාලාවක්‌ද, මෙම ගොඩනැඟිල්ලට පිටුපසින් කාමර හතරක්‌ හා නාන කාමරයක්‌ද ඇත. එමෙන්ම දාන ශාලාව අසල නාන කාමරයක්‌ සහිත අංග සම්පූර්ණ වැසිකිළියක්‌ද ඇත. 80ං 20 දෙමහල් ශාලාවක්‌ සඳහා අත්තිවාරම දමා ඇති අතර ගිහි පාර්ශ්වය සඳහා වැසිකිළි හතරක්‌ ඇත. ජල පහසුකම් විදුලි පහසුකම් ඇත. පන්සලේ ඇති ජල ටැංකියෙන් නිවාස සඳහා ජලය සපයා ඇත.

මෙම විහාරයේ අඩුවක්‌ව පැවති විහාරස්ථානයක් ඉදි කරන ලදී. ඇස්‌තමේන්තු ගත මුදල රුපියල් ලක්‍ෂ 100 කි. චෛත්‍යය ඉදිකිරීම් සඳහා ප්‍රාදේශීය සභාවේ අවසර ගෙන නොමැති බව දන්වමින් චාවකච්ෙච්රි ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමිය විසින් ඉදිකිරීම් කටයුතු නතර කරන ලෙස දන්වන ලදී.චෛත්‍යය ඉදිකිරීමට එරෙහි නඩුව ජුලි 07 චාවකච්ෙච්රියේ. මහේස්‌ත්‍රාත් එස්‌. චන්ද්‍රසේකරන් මහත්මිය ඉදිරියේ විභාගයට ගැනින. විත්තිකාර හංවැල්ලේ රතනසිරි හිමියන්ට අසුන් ගැනීමට විත්ති කූඩුව අසල වෙනම ආසනයක්‌ පැන වූ මහේස්‌ත්‍රාත් එස්‌. චන්ද්‍රසේකරන් මහත්මිය විත්තිකාර හිමියන් වෙනුවෙන් දමිල ජාතික නීතිඥයෙකු පෙනී සිටියේය.

ප්‍රාදේශීය සභාවේ ලිපිය ලද වහාම විත්තිකාර හිමියන් සභාවේ ලේකම්තුමිය හමු වී අවසර ලබා දෙන ලෙසට වාචිකව කළ ඉල්ලීම පැමිණිලි පාර්ශ්වයෙන්ද පිළිගෙන ඇති බැවින් සභාවේ නීති රීති අනුව අවසරයක්‌ ගත යුතු නම් ලබාගත හැකි බවද අධිකරණයට දන්වන ලදී.

ගිලන් පස ගෙනෙන්න

නඩුව විභාග කරන අවස්‌ථාවේ අධිකරණ ශාලාවේ අපූර්ව සිදුවීමක්‌ දක්‌නට ලැබුණි. නීතිඥ මහතුන් තම පාර්ශ්වයන් වෙනුවෙන් කරුණු කාරණාවන් දක්‌වන අතර තුර මහේස්‌ත්‍රාත් තුමියට වතුර පිපාසයක්‌ ඇති විය. තම මේසය මත ඇති වීදුරුව වෙත අතයවා පීරිසය ඉවත් කර භික්‌ෂූන් වහන්සේලා දෙස බලා නැවත පීරිසියෙන් වතුර වීදුරුව වසා පොලිසියට යමක්‌ පවසන ලදී. පොලිස්‌ නිලධාරී භික්‌ෂූන් වෙත පැමිණ ගිලන් පස ගෙනෙන්න දැයි විමසීය. අවශ්‍ය නොවන බව භික්‌ෂූන් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නඩුකාර තුමිය පොලිසියට නියෝග කළේ ජල බෝතල් භික්‌ෂූන් වහන්සේලාට පිළිගන්වන ලෙස.

පොලිසිය භික්‌ෂූන් වහන්සේලාට පැන් පිළිගන්වන අතර නඩුකාරතුමියද තම වීදුරුවේ ඇති ජලය පානය කර පිපාසාව සන්සිඳුවා ගන්නා අයුරු දුටු වාර්තාකරුට සිහි වූයේ දුටු ගැමුණු මහරජතුමාය. තමන් බුද්ධ භෝග පරිභෝජනය කරන බැවින් භික්‌ෂූන් වහන්සේලා උදෙසා දානය පිළිනොගන්නවා කිසිදා තම ආහාරය දුටුගැමුණු රජ නොගනී. එක්‌දිනක්‌ මිරිස්‌ ව්‍යාංජනයක්‌ සංඝයාට නොදී භුක්‌ති විදීම නිසා තමන්ට දෙන දඬුවමක්‌ ලෙස සලකා මිරිසවැටිය චෛත්‍යය දුටු ගැමුණු මහරජු ඉදිකරන ලදී.

 

දෙපාර්ශ්වයේ කරුණු අත්විදීමෙන් අනතුරුව චන්ද්‍රසේකරන් නඩුකාරතුමිය දීර්ඝ දේශනයක්‌ සිදු කරන ලදී. තමා කුඩා කල බුද්ධ රූපයක්‌ දැක බුද්ධ රූපයේ සිරස පිටුපසින් විහිදෙන රශ්මි මාලාවක්‌ දැක ඒ සඳහා පැහැදී තමන්ගේ මවගෙන් මේ කවුදැයි ඇසූ බවත් අම්මා විසින් ” මේ ගෞතම බුද්ධ” කියා පැවසූ බවත් එතැන් පටන් බුදු රදුන් ගැන පොත පත කියවා ධර්මය ද දැනගත් බවයි. කුඩා කල සිටම තමන් බුද්ධ ප්‍රතිමාවක්‌ වන්දනා මාන කරන ස්‌ථානයේ තබාගෙන ඇති බවත් බුදු රජුන් වහන්සේ කෙරෙහි තමන් තුළ මහත් ගෞරවයක්‌ ඇති බවය. තමන් නඩුකාර ධුරයේ කටයුතු වසර 15 ක්‌ කර ඇති බවත් තමන්ගේ ආරක්‍ෂාවට සිටින පොලිස්‌ නිලධාරියා සිංහල බෞද්ධයකු බවත් ඔවුන් ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් බණ අසන බවත් බණ දැමූ විට එම දේශනා වැඩ සටහන වැඩියෙන්ම බලන්නේ තමන් බවත් එතුමිය කීවාය.

දුවට බුදු පිළිමයක්‌

නඩුකාරතුමිය තවත් අපූර්ව කථාවක්‌ හෙළි කළාය. තමන්ගේ පුතා ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ විට තෑග්ග ලෙස කුමක්‌ ඕනදැයි ඇසූ විට බුදු පිළිමයක්‌ අවශ්‍ය බව කී නිසා බුදු පිළිමයක්‌ ගෙනවිත් දුන් බවත් ළඟදී එහි සිරස කැඩුණු බැවින් අලුත් බුදු පිළිමයක්‌ ගෙනත් දුන් බවත් ඇය කීවාය. දැන් තමන්ගේ පුතා ජීව විද්‍යාව හාදාරණ බවද තම පුතාට දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයක්‌ නොමැති බැවින් බුද්ධ ප්‍රතිමාව ළඟ තබාගෙන පාඩම් කරන බවත් බුද්ධ ප්‍රතිමාව දෙස බලාගෙන තම පුතා භාවනා කරන බවද එතුමිය තදුරටත් කීවාය. තමන් හින්දු ආගමික කාන්තාවක්‌ වුවත් බුදු දහම කෙරෙහි ගෞරවයක්‌ විශ්වාසයක්‌ ඇති බවත් සෑම කෙනෙක්‌ම සියලු ආගම් කෙරෙහි ගරු කිරීම වඩාත් සුදුසු බවද ප්‍රකාශ කරන ලදී.

නාවක්‌කුලිය ජීවත් වන සිංහල පවුල් 57 කගේ ආගමික කටයුතු කරන සමිද්ධි සුමන විහාරයේ ඉදිකරන චෛත්‍ය මූලික අවශ්‍යතාවයක්‌ බැවින්ද කෙතරම් නීති රීති තිබුණද රජය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළින් 9 වන වගන්තියෙන් බුද්ධාගමට ප්‍රමුඛතාවය ලබා දී ඇති බැවින් මූලික නීතියට ගරු කරමින් නඩුව ඉවතට දමන ලදී.

ප්‍රාදේශීය සභාවට නියෝග කර සිටියේ නීතිරීති අනුව විත්තිකාර හිමියන්ට චෛත්‍ය ඉදි කිරීමට අවශ්‍ය අනුමැතිය ප්‍රමාදයකින් තොරව ලබා දෙන ලෙසය. එමෙන්ම රජය බුදු දහමට ප්‍රමුඛතාවය ලබා දී ඇති බැවින් විත්තිකාර හිමියන් කිසිදු බැඳුම්කරයක්‌ යටත් නොකර නිදහස්‌ කරන බවද පැවසීය.

චාවකච්ෙච්රිය මහේස්‌ත්‍රාත් අධිකරණයේදී කුණු කූඩයට දැමූ එස්‌. චන්ද්‍රසේකරන් නඩුකාරතුමිය භික්‌ෂූන් වහන්සේලාට අවසරයි එහෙනම් හොඳයි ගිහින් එන්න බොහොම ස්‌තූතියි” කියා සමුදෙන විට භික්‌ෂූන් වහන්සේලාගේ ඇස්‌වලට කඳුළු පිරුණු බව වාර්තාකරුවෝ පවසති.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.