මහේල 0ට- 98 කින් ලංකාව නවසීලන්තයට පරාදයි.

තරඟය ආරම්භවීමට  පෙර
තරඟය ආරම්භවීමට පෙර

 

 

 

නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු තරඟයෙන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 98 ක පහසු ජයක් අත්කර ගත්තේය.

 

2015 ලෝක ශූරතා ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය මෙයයි.

 

‘ක්‍රිස්ට්චර්ච්’ නගරයේ ‘හැග්ලේ ඕවල්’ (Hagley Oval)ක්‍රීඩාංගනයේ දී පවතී තරඟයේ දී මුල්වරට පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 50 ක් තුළ ක්‍රීඩකයන් 6 දෙනෙකු දැවී ලකුණු 331 ක් රැස්කර ගැනීමට සමත් විය.

පිළිතුරු වශයෙන් ඕවර 46 ක් සහ තවත් පන්දුවාර එකක දී සියලු දෙනාම දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 233 ක් පමණි.

නවසීලන්ත කණ්ඩායමේ බ්‍රෙන්ඩන් මැකලම් ලකුණු 65ක් රැස් කරගත් අතර විලියම්සන් ලකුණු 57 ක් සහ ගුප්ටිල් ලකුණු 49 ක් රැස් කිරීමට සමත්වුහ.

ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ප්‍රමාණය රැස්කරනු ලැබූ ලහිරු තිරිමාන්න හතරේ පහරවල් 8ක් ඇතුලත් වූ අගනා ලකුණු 65 ක් රැස් කිරීමට සමත් විය.

ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 46 ක් සහ කුමාර් සංගක්කාර ලකුණු 39 ක් රැස් කරණු ලැබුවද ශ්‍රී ලංකා කණ්ඩායම තරමක් දුර්වල ආකාරයෙන් ක්‍රීඩා කරණු දක්නට ලැබුණි.

පන්දු යැවීමේ දී ලසිත් මාලිංග සහ කුලසේකර කඩුලු 3 බැගින් ලබා ගත්හ.

ශ්‍රී ලංකික ක්‍රීඩා ලෝලීන් ගේ බලාපොරොත්තු සුන් කර ලමින් මහේල ජයවර්ධන එකම ලකුණක් හෝ නොලබා දැවී යාමද ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට ප්‍රබල හේතුවක් විය.

 

[vsw id=”/yDowLYC-RKE” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

Sri Lanka defeated by New Zealand

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.