මහෞෂධ වේශයෙන් එන කේවට්ටය අජිත් – විජේදස රාජපක්ෂ

ajith-wijedasaතමන්, පැවති පාලනයේ ප්‍රබලයන්ගේ වංචා දූෂණවලට අදාළ නඩු පමා කරණ බවට අජිත් පී පෙරේරා මහතා විසින් මාධ්‍ය කැමරා ඉදිරියේ රංගණයක යෙදෙන බවත් අජිත් පී පෙරේරා යනු මහෞෂධ වේශයෙන් එන කේවට්ටයෙකු බවත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

කෙසේ නමුත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවති ආණ්ඩුවේ ප්‍රබල ලෙසම කතා බහට ලක්වූ වංචා දූෂණවලටය අදාළ නඩු කටයුතු පමා කිරිම සම්බන්ධ චෝදනාව එල්ලවන්නේ මීට බොහෝ කළකට පෙර සිටය. ඒ අතර ඔහු ඇවන්ගාඩ් අවි ගනුදෙනුවලට අදාළ චූදිතයෙකු වු නිශ්ෂංක සේනාධිපති මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය නිදහස් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් එල්ල කිරීම සම්බන්ධයෙන් නැගුණු ‍චෝදනාවද ඉතා බරපතල ලෙස තිබේ.

අජිත් පෙරේරා පැවසුවේ විශේෂ අධිකරණ පිහිටුවා නඩු ඇසිය යුතු බවයි.

මේ අතර එම ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් ෆේස් බුක් සටහනක් තබමින් අජිත් පෙරේරා ඇමතිවරයා අසා සිටින්නේ හොරුන් වෙනුවෙන් ගත එක් ක්‍රියා මාර්ගයක් සඳහන් කරන ලෙසයි.

 

ajith

 

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.