මහ බැංකු අධිපතිත් ක්‍රිකට්‌ සංහිඳියාව වෙනුවෙන් සුකිරි ටෝක්

indrajith-kumaraswamyජාත්‍යන්තර ක්‍රිකට් තරඟ අතරතුරදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් නිවේදනයක් නිකුත් කොට ඇත. මෙය ක්‍රිකට් සම්බන්ධයෙන් මහබැංකුව නිකුත් කළ ප්‍රථම නිවේදනය විය හැකිය.

ඉන්ද්‍රජිත් කුමාරස්වාමි 1973-77 කාලය තුළ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකත්වය දැරූ අතර 1972-77 සහ 1982-83 වසරවල දී ද්‍රවිඩ සංගම් පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර ඇත. පසුගියදා ශ්‍රී ලංකාවේ පැවති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ අතරතුරදී දක්නට ලැබුණු ප්‍රේක්ෂකයන්ගේ නොහික්මුණු හැසිරීම් වෙත ක්‍රීඩා ලෝලීන්ගේ; විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන්නන්ගේ දැඩි අවධානය යොමුවන්නට ඇති බවයි ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසන්නේ.

1996 ලෝක කුසලාන ජයග්‍රහණයේ සිට ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රධාන රටවල් තරඟ වදින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල තරඟාවලීන්හිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අත්පත් කර ගත් වාර්තාවන් පසුකර යා හැකි වූයේ ඕස්ට්‍රේලියාවට පමකක් බව ඔහු පෙන්වා දෙයි.

“පසුගිය එක් දින ක්‍රිකට් තරඟ දෙකෙහිදී ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ හැසිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක. මන්ද යත් තරුණ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එම තරඟ දෙකෙහිදීම දැඩි තරඟකාරිත්වයකින් යුතුව දැනට ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ අංක එකෙහි පසුවන ශක්තිමත් ඉන්දීය කණ්ඩායම සමඟ කරට කර තරඟයක නිරත වූ බැවිනි”.

සෑම රටකම ජනතාව තම රටෙහි ක්‍රිකට් කණ්ඩායමට අමතරව සිය දෙවෙනි ප්‍රියතම කණ්ඩායම ලෙස සලකනුයේ ශ්‍රී ලංකා කණ්ඩායමය. 1990 දශකය තුළදී විශිෂ්ට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ දක්ෂතාවයන් වියැකී යද්දී එම හිඩැස පුරවමින් හා ක්‍රීකට් ලෝලීන් පිනවමින් ආකර්ශනීය ලෙස ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වූ අතර, එම ක්‍රීඩකයෝ ක්‍රීඩාවේ මෙන්ම දේශයේ ද කදිම නියෝජිතයන් බවට පත්වූ බව කුමාරස්වාමි පෙන්වාදෙයි.

ක්‍රිකට් වසාගෙන පැතිරෙන දේශපාලන වළාකුළු පිළිබඳව කථා නොකරීමට ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ප්‍රවේසම් වෙයි. ඒ අනුව මෙය සුකිරි ටෝක් එකකි.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.