මහ බැංකු අධිපති කුමාරස්වාමි විනිවිදභාවය ගෙනෙයි

indrajith-kumaraswamyශී‍්‍ර ලංකාවේ මහ බැංකුවි විසින් පල කිරීම ප‍්‍රමාද කොට තිබූ අන්තර්ජාතික මූල්‍ය වාර්තාව පල කිරීමට මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමි කටයුතු කොට ඇත. හිටපු මහ බැංකු ඒ. එස්. ජයසිංහගේ සමයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තා පලවූ නමුත් පසුකාලීනම මෙම වාර්තා ප‍්‍රමාද කිරීමට හෝ පල නොකිරීමට අජිත් නිවාඞ් කබ්රාල් හා අර්ජුන් මහේනද්‍රන් යන මහ බැංකු අධිපතිවරු කටයුතු කොට ඇත.

මේ පිළිබඳව ප‍්‍රකාශයක් කරන මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කියා සිටියේ විනිවිදභාවය ඇති කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව සහ ඊට අදාල අනෙකුත් කාර්යමණ්ඩල පති‍්‍රකා පිළිබඳව යුහු සුළුව කටයුතු කිරීමට තමන් කටයුතු යොදා ඇති බව පැවසීය. පසුගිය වසරේ අපේ‍්‍රල් මාසයේ ප‍්‍රකාශයක් කල එවකට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පලවෙන වාර්තා යටපත් කිරීමට ශී‍්‍ර ලංකාවේ ආණ්ඩුව කටයුතු කළාද නැද්ද පිළිබඳව තමන් නොදන්නා බවයි. එහෙත් 2008 වසරේ සිටම මෙම වාර්තා යටපත් කිරීමේ වැඩ පිළිවෙලක් කි‍්‍රයාත්මක වී ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.