ම්හින්දානන්ද මීළඟට?

 

Mahindananda-Aluthgamage

 

 

පසුගිය ජනාධිපතිවරණය සමයේ ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙනෙන ලදැයි කියනු ලබන කැරම්බෝඩ් කන්ටේනර් දෙකකට සිදුවූයේ කුමක්‌දැයි පොලිස්‌ මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

මිලියන සියයකට වැඩි වටිනාකමක්‌ ඇති මෙම කැරම්බෝඩ් තොගය ගෙන ඒමට එක්‌තරා දේශපාලනඥයෙක්‌ මැදිහත් වී ඇති අතර ඒවා ගෙන ඒමට නියෝගය ලැබී ඇත්තේ සතොසට බව ද ප්‍රකාශ වේ.

මේ අනුව මෙම කැරම් බෝඩ් තොගය සතොස කළ දැනුම්දීමකින් ඉන්දියාවේ සිට ගෙනැවිත් ඇත.

මේ පිළිබඳව මූලික විමර්ශන කොට්‌ඨාසය පුද්ගලයන් කීපදෙනකුගෙන්ම මේ වන විට ප්‍රශ්න කරගෙන යයි.

මට කැඳවීමක් නැහැ :

මේ සම්බන්ධයෙන් කල විමසීමකදී අදහස් දැක්වූ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ, ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් තමාට මෙතෙක් කැඳවිමක් ලැබී නැති බවයි.

“ඔක්කොම කියනවා මාව ඇතුළට දායි කියලා. ඒ වුණාට එහෙම දෙයක් නෑ.” යැයි ඔහු වැඩිදුරටත් පැවසිය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.