මාගම්පුරට ආ සද්ධන්තයා

පසුගියදා මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායට පැමිණි M. S Rotterdam නෞකාව මෙතෙක් මගම්පුරට ගොඩ වැදී විශාලතම නෞකාවයි.

මෙම නෞකාව මුලින්ම දියත් කෙරුනේ 1996 දෙසැම්බර් මස 21 වැනි දිනයි. දිගින් මීටර 238ක් වන මේ නෞකාවේ මගීන් 2100ට පහසුකම් සැලසීමට හැකියාව තිබේ.

අලංකාර බෝජන ශාලා, ඩොලර් මිලියන 2 කට වැඩ වටිනාකමකින් යුතු වූ පෞරාණික භාණ්ඩ එකතුව ඉඩ පහසුකම් සහිත පුළුල් තේක්ක අට්ටාලය Rotterdam ගේ සුන්දරත්වයට අභිමානවත් බවක් එක්කරයි.

පුළුල් ඉඩකඩකින් හා නවීන ගෘහ භාණ්ඩ වලින් සමන්විත සැප පහසු කාමර, හරිතාගාර ස්පා ආයතන, සැලෝන්, නවීන පිහිනුම් තටාකය, උත්සව ශාලා, රාත්‍රී සමාජ ශාලා මේ සියල්ල මගීන් හට දනවන්නේ තරු පන්තියේ නිවාඩු නිකේතනයක ස්වරූපයයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.