“මාතර සුනිල්” කඩා පනින්න සුදානම්

download (69)

නව ආණ්ඩුව යටතේ හදිසියේ කඩා පැන හොරු අල්ලන හමුදාවක නායක ධුරයක් දැරීමට තමන් ගේ  කැමැත්ත බව  එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා නෙත් නිව්ස් වලට කියා සිටියේ මාතර සුනිල් කව්දැයි හෙළිදරව් කරමින්

මෙන්න සංවාදය

 

අපි කැමැතියි දැන ගන්න අපි දැක්ක ඔබතුමා ඊයේ දිනයේදී අල්ලස්  කොමිසම හමුවට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කළා රටේ වෙච්චි  දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන්. ඉදි‍රියේදී කොහොමද මේ කාර්ය භාරය සිදුවන්නේ.

 

අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහල වැඩක් නැහැ. අද හෙට කුඩුවලට රත්තරන් ‍මාල කඩා ගත්ත මේ වගේ ලංකාවේ සුපතලේ දේශපාලනඥ හොරු පැනලා යන්න ඉඩ තිබෙනවා. එම නිසා මම ගිහින් අල්ලස් හා දුෂණ කොමිසමේ පැමිණිල්ලක් කළා මේ සියලු දෙනා සම්බන්ධයෙන්.

download (68)

දැන් ඔබතුමාමට විශ්වසායක් තිබෙනවද මෙම නව ආණ්ඩුව යටතේ ඔබතුමා කරන ලද පැමිණිල්ල හරියාකාරයෙන් විභාග වෙලා නිසි ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. 
මම හිතනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් පෙර හිටි මහින්ද රාජපක්ෂ මහතා වගේ ඇඟිලි ගහන්නේ නැහැ. ෆයිල් කිහිල්ලේ ගහගන්නේ නැහැ මයිල් එනකම්.

 

මම හිතන්නේ නෑ ඒ වගේ බලපෑමක් මේ දෙන්න කරයි කියලා. ඒ ගැන සියයට සියයක විශ්වාසයක් තිබෙනවා මට. නමුත් මම කියන්නේ මේක තව ටිකක් ඉක්මන් කළොත් හොඳයි. මොකද පැනලා ගියාට පස්සේ මේක ගෙන්වනවට වඩා ලේසියි ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ විදෙස් ගමන් බලපත්‍රය  තහනම් කළා වගේ මම දාපු චෝදනා තියෙන අයගේ විදෙස් ගමන් බලපත්‍රය යම් කාලයකට ඔහු නිදොස් වනතුරු තහනම් කරන්න.

 

මම කියන්නේ වෛරයක් ක්‍රෝධයක් නෙවෙයි. මේ ආණ්ඩුව බලයට ආවේ දූෂිතයන්ගේ මුදල් අරගෙන ඒවා ජනසතු කරනවා කියලා. ඉතින් මේ බිලියන ට්‍රිලියන ගණනක මුදල්.

 

මෙවැනි සටනක් කරන ඔබතුමා ඇයි ඇමැති ධුරයක් භාර නොගත්තේ මේ ආණ්ඩුවෙන්.

 

මට ආසයි තනතුරක් භාර නොගෙන මේ හොරු අල්ලන ඕනෑම තැනකට හදිසියේ කඩා පනින හමුදාවක නායකත්වය දෙන ඇමැතිකමක් නැත්නම් ප්‍රධානියෙකුගේ චරිතයක් හම්බ වුණොත්.

ඕනෑම බැංකුවකට ගිහින් ඒ එකවුන්ට් බ්ලැන්ස් බලන්න, එකවුන්ට් චෙක් කරන්න එතකොට ඕනෑම ගෙදරකට වරෙන්තුවක් අරන් ගිහින් ඔවුන්ගේ දේපළ චෙක් කරන්න, කුඩු අල්ලන්න, කුඩුවලින් හොයපු සල්ලි අල්ලන්න ඒවගේ දෙයක් මට ලබාදුන්නොත් මට හොඳයි කියලා හිතුණා. නමුත් මං දන්නේ නැහැ තාම නම්, ඇමැති ධුර බෙදාදුන්නා. අනිත් එක මම වැඩියෙන් වැඩ කළේ මැද පෙරදිග ශ්‍රමිකයන්ගේ දේවල් තමයි. විදේශ රැකියා ප්‍රවර්ධන අංශයේ තමයි මම වැඩ කළේ.. දන්නේ නැහැ තවම නම් ලැබුණෙ නැහැ. ඉස්සරහට ලැබෙයිද දන්නේ නැහැ.

ranjan_CI

 

ඇත්තටම ඇමැතිකමක් බලාගෙනද ඉන්නේ.

 

ඇමැතිකමක් ලැබුණොත් ගන්නේ නැහැ කියලා බොරු කියන්නේ නැහැ. දුන්නොත් භාරනොගෙන ඉන්නේ නැහැ. නොදුන්නා කියලා හිතට දුකකුත් නැහැ.

 

මාතර සුනිල්ගේ භූමිකාව ඉවරයිද?

 

(සිනාසෙමින්) දැන් ආණ්ඩුව පෙරළුණු නිසා කියන්න බය වෙන්න දෙයක් නැහැ. ඉතින් මාතර සුනිල් මම තමයි.

දැන් නඩුවක් මං හිතන්නේ වැටෙන එකක් නැහැ. මම එදා ඉදන්ම දුරකථන මාර්ගයෙන්, පෙත්සම් මාර්ගයෙන්, ඊමේල් මාර්ගයෙන් මාතර සුනිල්ගේ භූමිකාව කළා. මම චිත්‍රපටවලත් වන්ෂොට් වගේ ඒ භූමිකාව කළා. මං හැමදාම හොරුන්ට විරුද්ධව මේ ක්‍රියාකාරම් කළා. මං මේ සේරම කළේ ජනතාව වෙනුවෙන්. මට හරි සංතෝෂයි මාතර සුනිල් කවදාවත් නිහඬ වෙලා හිටියේ නැහැ.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.