මානව හිමිකම් වාර්තා පමාව ජයග්‍රහණයක්ද?

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට එල්ලවී ඇති චෝදනා පිළිබඳ සොයාබලා ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව ලබන සැප්තැම්බර් මාසය දක්‌වා කල් දැමීමට එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්‌ සෙයිද් රාද් අල් හුසේන් මහතා ගත් තීරණය  එක්සත් ජාතීන් ඉදිරියේ ප්‍රමුඛ ජාත්‍යන්තරය ඉදිරියේ නව රජය ලද වැදගත් ජයග්‍රහණයක් බවට සැක නැත.
දූෂිත ඒකාධිපති රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්වෙමින් තිබූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් නව රජය පැමිණීමත් සමඟ ඉතාම කෙටිකාලයක් තුල අප අසල්වාසී රාජ්‍යයන්ගේ මෙන්ම පෙර-අපර දෙදිග රාජ්‍යයන්ගේ මහත් පිළිගැනීමක් සහ ගෞරවයට ලක්වීමට හැකිවීමම අප මාතෲ භූමියට හිමි වීම මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ම ලද සුවීශේෂී ජයග්‍රහණයක් බව ඇතැම් පිරිස් තර්ක කරති.
එහෙත් මෙය අර්ධ සත්‍යක් පමණි.
NYT2009042609180059C
මන්දයත් මේ කල් පමාව ලබාගත හැකි වී ඇත්තතේ  ශ්‍රී ලංකාවේ සිදුවූවේ යෑයි චෝදනා එල්ල වී ඇති යුද අපරාධ පිළිබඳ පූර්ණ විමර්ශනයක්‌ කර වාර්තාවක්‌ ඉදිරිපත් කිරීමට
පොරොන්දු වීමෙනි. එසේම අපරාධ සම්බන්ධයෙන් චෝදනා ගොනුකොට නඩු පැවරීමටත් ආණ්ඩුව පොරොන්දුවක් දී තිබේ.
 පොරොන්දු ඉටු කිරීමට තරම් කොන්දක්
මේ කල් පමාව ජයග්‍රහනයක් වන්නේ ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කිරීමට තරම් කොන්දක් තිබුනොත් පමණි.
මේ විමර්ශණය ආරම්භ වූ සැනින් ආණ්ඩුව ජාත්‍යන්තර බලපෑමට යටවී අපේ රණවිරුවන් පාවාදීමට කටයුතු කරන බව මහා කලබගෑනියක් මතුවෙනු ඇත.
ආණ්ඩුවට මේ කලබැගෑනියට මුහුණ දීමට සුදානම් විය යුතුය .රණවිරුවන් කොල්ලකන්නේ නැතිබවත්, ස්ත්‍රී දුෂණය කරන්නේ නැති බවත්,අහිංසකයින් මරා දමන්නේ නැති බවත්
කියා සිටීමට ආණ්ඩුව පසුබට විය යුතු නැත.නිළ ඇදුම් හැඳගත් යමෙක් එසේ කළේ නම් ඔවුන් රණවිරුවන්ට නිගා දෙන පිරිසක් බවත් එවැන්නන්ට එරෙහිව කටයුතු කිරීමට ආණ්ඩුවට කොන්දක් තිබෙන බව කියා සිටීට ආණ්ඩුව අපොහොසත් වුවහොත් මේ ජයග්‍රහණය මාරාන්තික පරාවලල්ලක් වනු ඇත.
දෙමළ ජාතික අන්තවාදීන්
අනෙක් අතට උතුරේ සහ දුක් විඳින දෙමළ ජනතාව.කොටි සංවිධානය විසින් පලවාහරිනු ලැබූ මුස්ලිම් ජනතාව හෝ රෑ නිදි පැදුරේ සිටියදී කපාකොටා දැමු අහිංසක සිංහල ජනතාවගේ ලේ හෝ කඳුළු පිළිබඳව නොහිතන දෙමළ ජාතික අන්තවාදීන් පිරිසක් සිටින බවත් අමතක කලයුතු නොවේ. මේ වැඩිදෙනා විදේශගත දෙමළ ප්‍රජාවේ සාමාජිකයින්ය .’නෝනාවරුනි,මහත්වරුනි ඔබේ නාඩගමට අප සුදානම් නැත යැයි ඔවුන්ට කෙළින්ම කියසිටීමට ආණ්ඩුව නිර්භය විය යුතුය.
Delay in sri lanka human right reporting is not a victory if promises are not kept.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.