මාලදිවයින් කුමන්ත්‍රණ අවුලට රනිල් මැදිහත් වේ

ranil wickramasingheආණ්ඩුව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය නම් සිය ජීවිත වුවත් පරිත්‍යාග කරන බවට මාලදිවයින් හමුදාවේ සහ පොලිසියේ ඉහළ නිලධාරීහු දිවුරුම් දෙති. මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය උත්සාහ කරන බව එරට නීතිපතිවරයා පවසා තිබිණි.

“එම තැත” වැලැක්වීමට කටයුතු කරන ලෙස නීතිපතිවරයා එරට ආරක්ෂක අංශ වෙත නියෝග කර ඇත. ඒ අනුව ඉහත කී දිවුරුම් දීමේ උත්සවය එරට රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරිණි.

දේශපාලන සිරකරුවන් නව දෙනෙකු නිදහස් කරන ලෙසට මාලදිවයිනේ ඉහළම අධිකරණය පසුගියදා ලබා දුන් නියෝගයට එරට බලධාරීන් අවනත නොවීමත් සමග එහි අර්බුදකාරී තත්ත්වයක් හට ගෙන තිබේ. හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඇතුළු විපක්ෂයේ දේශපාලනඥයන් අට දෙනකු ඉහත කී දේශපාලන සිරකරුවන් අතර වෙති.

“මතුව ඇති වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාමකාමී විසඳුමකට පැමිණෙන ලෙස අප සියලුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි” රනිල් වික්‍රමසිංහඅගමැතිවරයා පවසා ඇති අතර ඉදිරි දින කීපයදී ශ්‍රී ලංකාව මේ ආරවුල විසඳීමට මැදිහත් වෙනු ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.