මාලදිවයින් පන්නයේ Skype ලිංගික දල්කරුවන් කොටුවෙයි

skypeමාලදිවයින් පන්නයේ Skype ලිංගික දල්කරුවන් කොටුවෙයි

මාලදිවයින් දේශපාලඥයින් සහ කෝටිපති ව්‍යාපාරිකයින් ලිංගික දලකට කොටු කරගෙන කප්පම් ලබාගත් කල්ලියක් කොළඹදී පොලිසියට කොටුවී ඇත.

මේ ජාවාරම ක්‍රියාත්මක කල මාලදිවයින් ජාතිකයින් දෙදෙනෙක් කොළඹදී අත්අඩංගුවට ගෙන ඇත.

තමන්ගේ නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධ නොකිරීම සඳහා රු.කෝටියට ආසන්න මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා සිටීමෙන් අනතුරුව මාලදිවයින් ව්‍යාපාරිකයෙක් පොලිසියට පැමිණිලි කොට ඇත.මේ පුවත දැනගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ පොලිසිය ඉතා සුක්ෂම අන්දමින් ජාවාරම්කරුවන් නතර වී සිටි හෝටලය හඳුනාගෙන ඔවුන්ව අත්අඩංගුවට ගත්තේය.

කප්පම්කරුවන්ගේ පරිඝනක පරික්ෂා කල අවස්ථාවේ දී පුද්ගලයින් සියයකගේ පමණ නිරුවත් ඡායාරූප හමුවී ඇත.මේ ලිංගික දල සඳහා පුද්ගලයින් කොටුකර ගන්නේ Facebook හරහා එන ආරාධනාත්මක පණිවිඩයකිනි.

එහා කෙලවරේ සිටින්නේ සුන්දර යුවතියකි.

මුලින්ම සුහද ලෙස ආරම්භ වන කතාව ක්‍රමක්‍රමයෙන් උණුසුම් වේ.මේ කතාබහ ලිංගිකත්වය සඳහා යොමුවන උච්ඡ අවස්ථාවේ දී කාන්තාවගේ පැත්තෙන් Skype සංවාදයකට ආරාධනයක් ලැබේ.සංවාදයට එක්වීමෙන් අනතුරුව කාන්තාව කාමුක දර්ශන කිහිපයක් ප්‍රදර්ශනය කොට එහා පැත්තේ සිටින පුද්ගලයාගේ නිරුවත දැකීමට අවශ්‍ය බව කියා සිටී.

දලට හසුවන ව්‍යාපාරිකයින් හා දේශපාලඥයින් තමන්ගේ තරාතිරම අමතක කොට නිරුවත් වෙති.ගොදුර හා ගැනීමට සැදී පැහැදී සිටින සුන්දර කාන්තාව ඒ නිරුවත් වීඩියෝ පටිගත කරගෙන ජාවාරම්කරුවන් අතට පත් කරන්නීය.

එතැන් පටන් Skype ඔස්සේ නිරුවත පෙන්වූ ධනවත් ව්‍යාපාරිකයා හෝ ප්‍රබල දේශපාලඥයා බල බිදුණු අසරණයෙක් බවට පත්වේ.ඔවුන් හට උණ ලෙඩුන්ට වතුර දෙන්නාක් සේ කප්පම්කරුවන්ට මුදල් දීමට සිදු වේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!