මාව පෙරළුවේ මංගලගේ වෙබ් සහ ඇමරිකානු පරිගණක-මහින්ද

 

 

Mahinda-Rajapaksa-answers-questions-on-Twitter

 

ලංකාවේ වෙබ් අඩවි පාලනය වන්නේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු කණ්ඩායමක් විසින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ පසුගියදා අභයාරාමයේ මුස්ලිම් මිතුරන් කිහිපදෙනෙකු සමග පැවැති හමුවකදීය.

අදාල වෙබ් අඩවි සැලසුම්සහගතව ආරම්භ කළ ඒවා බවත්, මැතිවරණය අවස්ථාවේත්, ඉන් පසුවත් වෙබ් අඩවි තමා සමග නොසිටි බවත්, ඊට මුහුණදිය හැකි වෙබ් කණ්ඩායමක් තමා සතුව නොවුණ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ලැප්ටොප් පරිගණක 3,500ක් පමණ මෙරට තරුණ පරපුරට ලබාදී ඒවා මගින් තම පාලනය පෙරලීමට අවශ්‍ය වටපිටාව සකස් කළ බවද ඔහු කියා සිටී.

ඊට අමතරව මේ සදහා පරිගණක පුහුණු වැඩමුළුද තැබූ බව මහින්ද මහතා පැවසීය.

මුස්ලිම් ජනතාව තමන්ගෙන් ඇත්වීමට පටන්ගත් දා පටන් තමන්ගේ පසු බැස්ම ආරම්භ වූ දා පටන් තමන්ගේ පසුබැස්ම ආරම්භ වූ බව හිටපු ජ්නධිපත්වර්යා පිළිගත්තේය.

හිටපු ආණ්ඩුකාර  අලෙවි මව්ලානා හිස් බැල්මෙන් යුතුව බලා සිටියේය.

 

[vsw id=”/Hy5r_-Qjris” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.