මාව හොලවන්න බැහැ-මර්වින් සිල්වා

කැලණියේවත් ගම්පහවත් කිසිදු ඡන්ද රැස්වීමකට තමන් නගින්නේ නැති බව කැලණිය ශ්‍රිලනිපයේ හිටපු සංවිධායක මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමති මර්වින් සිල්වා මහතා පසුගිය දා දින තම හිතවතුන් පිරිසක් කැඳවා ප්‍රකාශ කර තිබේ.

එම හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා ප්‍රකාශ කර ඇත්තේ,

” ගම්පහ දිස්ත්‍රික්කය තුළ සැඟවුණු දෙයක් තිබෙනවා. මම ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩි ඡන්ද ප්‍රමාණයක් ගැනීම තුළ මගේ ජනප්‍රියත්වයට යම්කිසි පිරිසකගෙන් ඊර්ෂ්‍යාවක් ඇති වෙලා තියෙනවා. ඒ අනුව තමයි කැලණියේ ප්‍රශ්න ඇති වුනේ. නියපොත්තෙන් කඩන්න තිබුණු එක දැන් පොරවෙන් ගහල කඩන්න බැහැ. මොකද මම නැවෙන්නේ නැහැ.  මාව නවන්නත් බැහැ. මේ ගැන වැඩි යමක් මේ වෙලාවේ කියන්නේ නැහැ.” යනුවෙන්ය.

කැලණිය ආසනයේ ශ්‍රිලනිපයේ සංවිධායක ධූරයෙන් මර්වින් සිල්වා ඉවත් කර හිටපු පළාත් සභා මන්ත්‍රී ශාලිත විජේසුන්දර මහතා පත් කිරීම සම්බන්ධයෙන් මේ දිනවල අමාත්‍යවරයා දැඩි කලකිරීමකට පත්වී සිටින බව පැවසේ.

 

[vsw id=”/bpjgts6Vu-k” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.