මාස අටේ බිළිඳියටත් දුෂකයින් ගෙන් නැත නිදහසක්

indiaපවුලේ සමීප ඥාතියකු විසින් දූෂණය කරන ලද බව විශ්වාස කෙරෙන මාස අටක බිළිඳියක් අසාධ්‍ය තත්වයෙන් පසුවෙන බව ඉන්දියාවේ දිල්ලි අගනුවර පොලිසිය නිවේදනය කළේය.

ඉරිදා (ජනවාරි 28) රැකියාව නිමකොට නිවසට පැමිණි දෙමව්පියන් බිලිඳු දැරිය තබා තිබුණ ඇඳ ලෙයින් තෙත්ව තිබෙනු දැක ඇය රෝහලට ගෙනගොස් ඇති බව වාර්තා වේ.

දැරිය ප්‍රතිකාර ලබන රෝහලට ගොස් ඇයගේ සුව දුක් විමසූ දිල්ලි අගනුවර කාන්තා කොමිසමේ ප්‍රධානී ස්වාති මලිවාල් (Swati Maliwal)අදහස් දක්වමින්, දැරියට “දරුණු” තුවාල ලබා සිටින බව සඳහන් කළාය.

වෛද්‍යවරුන් බිළිඳියට පැය තුනක සැත්කමක් කර තිබෙන බව ට්විටර් පණිවුඩයක සඳහන් කරන ස්වාති මලිවාල්, වේදනාවෙන් කෑගසන දැරියගේ හඬ රෝහල පුරා නින්නාද දුන් බවත් පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.