මාළු තහනමට යුරෝපා හවුලෙන් සාධනීය ප්‍රතිචාර

tuna-yellowfin-tuna-at-negombo-market1

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදනවලට එරෙහිව  පනවා තිබෙන තහනම ඉවත් කිරීමට ඇති ඉඩ කඩ පිළිබඳව බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට ගිය විදේශ අමාත්‍ය මංගල සමරවීරට

යුරෝපා සංගමයට දන්වා තිබේ.

මත්ස්‍ය අපනයන තහනම ඉවත් කර ගැනීමේ අටියෙන් ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ග  පිළබඳව යුරෝපා සංගමයේ අවධානය යොමු වී ඇති අතර   නව රජය දී තිබෙන පොරොන්දු

ක්‍රියාවට නැගෙන්නේ නම් විමර්ශනයකින් අනතුරුව තහනම ඉවත් කිරීට ඉඩ තිබෙන බව යුරෝපා සංගමයේ කොමසාරිස් කාර්මෙනු වෙලා විදේශ ඇමති මංගල සමරවීරට පවසා ඇත.

දිගින් දිගට ජාත්‍යාන්තර ප්‍රමිතින් නොතකා කටයුතු කිරීමේ ප්‍රතිවිපාක පිළිබඳව ශ්‍රී ලංකාව මේ සිදුවීමෙන් පාඩමක් ඉගෙන ගත යුතු බව විචාරකයින් පෙන්වා දෙති.

පසුගිය ආණ්ඩුවේ ධීවර ඇමති ලෙස  කටයුතු කළේ රාජිත සේනාරත්න ඇමතිවරයයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.