මැතිවරණදා මිනිත්තු 540 න් මහින්දට සුබ මිනිත්තු දෙකයි

 

 

RANILMAHIN

 

මහ මැතිවරණයේ ප්‍රධාන අපෙක්ෂකයන් දෙදෙනා වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම පත්‍ර සියුම් ලෙස පරීක්ෂා කිරීමේදී රනිල් වික්‍රමසිංහ මහතා ජය ලබන බව පෙනී ගියේ යැයි ජ්‍යෙතීර්වේදී ජී.එම්.ගුණපාල මහතා කොළඹ පැවැති ජාතික විද්වත් මණ්ඩලයේ මාධ්‍ය හමුවකදී පැවසීය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඒරාෂ්ඨකයක් ගෙවමින් සිටින අතර ඔහු සියලු බලාපොරොත්තු අභිමතාර්ථ හා අපේක්ෂා බිඳ වැටෙන දශාවක් ගෙවමින් සිටින බවත් ඔහු කීවේය.

මැතිවරණය පැවැත්වෙන 17 වැනිදා පෙරවරු 7 සිට රාත්‍රී 7 දක්වා මිනිත්තු 540 න් රාජපක්ෂ මහතාට සුබ වේලාව පවතින්නේ මිනිත්තු දෙකක් පමණක් යැයිද ඔහු පවසයි.

මෑත ඉතිහාසයේදී සඳුදා දිනවල මැතිවරණ පවත්වා නැතැයි කී ඒ මහතා මෙවර මැතිවරණය පැවැත්වෙන සඳුදා දිනය මහින්ද රාජපක්ෂ මහතාට අසුබ වන අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ ග්‍රහචාරය අනුව ඉතා සුබ වන බවද කීවේය.

රනිල් වික්‍රමසිංහ නුතනවාදියෙක් ලෙස පෙන්නුම් කිරීමට උත්සහගත්තත්  ඔහු ජ්‍යෙතීර්වේදීන ගේ අදහස් සැලකිල්ලට ගන්න බව ප්‍රසිද්ධ රහසකි.එහෙත් ඔහු එය පුද්ගලික කරුණක් ලෙස තබා ගන්නා

අතර කට්ටඩියන්ගේ කරේ ඇත දම ගැනීමට යන්නේ නැත.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.