මැතිවරණයේදී ශ්‍රීලනිපයට නායකත්වයේ දෙන්නේ කවුද?


ඉදිරි මහ මැතිවරණයෙන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ජයග්‍රහණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්‍ෂ සහ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්ම මහත්මීන්ගේ නායකත්වයෙන් යුත් මැතිවරණ මෙහෙයුම් නායකත්ව මණ්‌ඩලයක්‌ පිහිටුවිය යුතු බවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් යෝජනාවක්‌ ඉදිරිපත්ව ඇත.

 

මෙම යෝජනාව විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න මහතා විසින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ඉදිරිපත් කර ඒ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

මැතිවරණය මෙහෙයවීම සඳහා නායකත්ව මණ්‌ඩලයක අවශ්‍යතාව පක්‍ෂයේ බහුතරයකගේ මතය වී තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සම්බන්ධයෙන් දෝෂාරෝපණය කිරීම මගින් පාක්‍ෂිකයන් තුළ කළකිරීම් තවදුරටත් වැඩිවිය හැකි බැවින් පැවැති අමනාපකම් අත්හැර පක්‍ෂයේ පාක්‍ෂිකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සුහද මිත්‍රශීලී දේශපාලන ව්‍යාපාරයක්‌ සඳහා පෙළගැසීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇත.

දුෂිතයින් රැසකට

මෙම නායකත්ව මණ්ඩල යෝජනාව සම්මත වූවහොත් පැරණි පරිපාලනයේ දුෂිතයින් රැසකට ඒ තුල සැඟවීමට ඉඩ  ලැබෙන බව නිරීක්ෂකයින් පෙන්වා දෙති.

අනෙක් අතට සුහද මිත්‍රශීලී දේශපාලන ව්‍යාපාරයක්‌ සඳහා චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය එකඟ වුවහොත් අය මේ තාක් කල් කතා කළ සියල්ලටම පිටූ පෑමට සිදුවෙනු ඇත. මෙම ස්න්ධානය සාර්ථක වුවහොත් එය රාජපක්ෂවරුන් ලබන අනගි ජයග්‍රහනයක් වනු ඇත.මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වයක්ලබා දිය හැකිවන්නේ එක්සත් ජාතික පක්ෂයත් සමග ඇති කර ගන්නා එකඟත්වයක් තුල පමණි.මේ කවර මිත්‍ර සන්ධාන ඇතිකර ගත්තත් ජනතාව නගන දුෂ්කර ප්‍රශ්න රැසකටම ශ්‍රීලනිපයට සිදුවෙනු ඇත.පුද්ගල ප්රථ්රූප වලට වසං වීමෙන් ඒ දුෂ්කර ගැටළු මග හැර යා  නොහැක.

The slfp leadership.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.