මැතිවරණ කල් දැමීමට හේතුව මහින්ද

BUPSH_DL-PR-041

 

 

 

ආණ්ඩුව විසුරුව හැරීම තවත් දිගු කාලයක් යන තුරු සිදු නොවන බව ශ්‍රීලනීපයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් ආණ්ඩුව විසුරුවා හැර වහාම මහ මැතිවරණයක් පැවැත්විය යුතු බව පවසමින් සිටි. මේ අතර මහින්ද පාර්ශවයද මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවට මත පළ කරමින් ඇත.

ශ්‍රිලනීප අාරංචි මාර්ග පවසන්නේ එජාපයට හා ජවිපෙට මහමැතිවරණයේදී වාසිදායක තත්වයක් ඇති වීම ගැටළුවක් නොවන නමුත් මේ මොහොතේ මහ මැතිවරණයක් කැඳවීමෙන් මහින්ද පාර්ශවයට වාසියක් සිදුවීම විය හැකි බවය.

විශේෂයෙන්ම මහින්ද පාර්ශවය ජාතිවාදය පතුරුවමින් ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් එරෙහිව ගෙනයන අවලාද ව්‍යාපාරය යම් ඡන්දදායක පිරිසක් නඩත්තු කරන්නට සමත්වී තිබෙන බව පෙනී ගොස් ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.