ජිල්මාට් පරාජයට හිටපු ආරක්ෂක ලේකම් ගෙන් යෝජනා

 

 

austiin

 

තමගේ අත් දැකීම් පදනම් කරගෙන ගණන් කිරීම්  මධ්‍යස්තාන වල සිදුවිය හැකි දුෂණ අවමැ කල හැකි ආකාරය පිළිබඳව පළපුරුදු තේරීම් භාර නිලධාරියෙක් සහ හිටපු ආරක්ෂක

ලේකම්වරයෙක් වන ඔස්ටින් ප්‍රනාන්දු යෝජනා කීපයක් ඉදිරිපත් කරයි.

 

මා අත්දැක ඇති එක පැතිකඩක් සඳහන් කරමි. චන්ද්‍රානන්ද සිල්වා මැතිවරණ කොමසාරිස්වරයා වරෙක මා රත්නපුර දිස්ත්‍රික්කයේ අතුරු මැතිවරණයක ගණන්කිරීම භාරව යැව්වේ, එකල දිස්ත්‍රික්කයේ එජාප දේශපාලන බලධාරියෙකු විසින් ගණන්කිරීමේ ශාලාවතුලට පිස්තෝලයක් රැගෙනවිත් තර්ජනය කොට ඇතියි ශ්‍රීලනිපයේ මහලේකම්වරයා කළ චෝදනාව නැවත සිදු නොවන බවට මට දැනුම්දෙමිනි.

 

එහිදී, මා යොදාගත්තේ: (1) සියලුම නියෝජිතයින් සිරුරු පිරික්සීමකින් පසුව ශාලාවට ඇතුල්කිරීම (එහිදී අනුර බණ්ඩාරනායක මහතා එම රාජකාරිය භාරව සිටි එවකට කනිෂ්ට මැතිවරණ සහකාර කොමසාරිස් වරයෙකු වූ වත්මන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සමග සුළු වාචික ආරෝවකට පත්වූ බවද සිහිපත්වේ.)

(2) කිසිම දේශපාලන හෝ අන් බලධාරියෙකුගේ ආරක්ෂකයින් ගණන් කිරීම අඩවියට ඇතුල්වීමට ඉඩ නොසැලසීම

(3) ගණන් කිරීමේ ශාලාවට ඇති සියලු දොරවල් ලොකු ප්‍රමාණයේ ඉබ්බන් දමා ඇතුළතින් දැඩිලෙස ආරක්ෂා කිරීම (අගුලු සිඳ බිඳලා ඇතුල්වූයේනම් එය රහසිගතව හෝ හදිසියේ හෝ ඝෝෂාවකින් තොරව සිදුකළ නොහැක්කක් වේ.)

(4) දේශපාලනික සබඳතා තිබුණු නිලධාරීන් ගණන්කිරීමේ ක්‍රියාදාමයෙන් කලින්ම ඉවත්කිරීම , වැනි ක්‍රමවේදයන්ය. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මෙම ක්‍රියාදාමයන්ගේ සාර්ථකත්වය ගැන හොඳින්ම දන්නා නිසා අදට උචිත පරිදි එතුමා එදින ලද අත්දැකීම් යොදාගනිතියි විශ්වාස කරමි.

මෙහිදී, මැතිවරණ විමර්ශනය කරන සංවිධානවල කාර්ය භාරය ඉමහත්ය. අවාසනාවකට සමහර එවන් සංවිධාන පිලිබඳ සැක පහළවන සඳහන්කිරීම් අසන්නට ලැබේ. වර්තමාන තාක්ෂණික වෘද්ධිය බලනවිට මෙවන් සංවිධානවලට එකී සන්නිවේදන තාක්ෂණික ක්‍රමවේද වාර්තාකරණයට යොදාගැනීමේ අවස්තාවන් කොමසාරිස්වරයා විසින් ලබාදීම පාරදෘශ්‍ය භාවය වර්ධනයට හේතු කාරක විය හැකිය.

vote count

මෙවලම් භාවිත කිරීම

මම එවන් විපලවවාදී යෝජනාවක් කරනු කැමැත්තෙමි. එනම්, මැතිවරණ නිරීක්ෂක කණ්ඩායම්වලට ස්මාර්ට් ෆොන් (Smart Phones) හෝ ටැබ්ලට් උපකරණ (Tablet devices) ගණන්කිරීමේ පරිශ්‍රයන්තුල (ගණන්කිරීමේ හෝ චන්ද මධ්‍යස්ථානතුල නොවේ.) සිදුවීම් වාර්තාගත කර ගැනීමට ඉඩදීම එම යෝජනාවයි. එසේ සිදුවන්නේ නම් මෙතෙක් වාර්තාවී ඇති යම් නීති කඩකිරීම් වූයේනම් ඒ පිලිබඳ කරුණු ඔප්පුකිරීමට සෑහෙන සාධාරණ මාර්ගයක් ඉදිරිපත්වේ. එමෙන්ම නීති කඩන්නන් හා සැලසුම් කරන්නන් දුර්මුඛ කළහැකි විධියකි. මෙවැනි උපකරණයක් වුවද හසුවුවහොත් වීඩියෝ උපකරණයක් මෙන්ම විනාශ කරදැමිය හැකිහෙයින් බොහෝ දෙනෙකු මගින් එසේ වාර්තාකරණයට ඉඩ දිය යුතුවේ.

මුල් අවස්ථාවේ චන්ද ගණන් කිරීමේදී ලැබෙන නිළමය වාර්තාවන් මූලික ගණන් කිරීමේ මධ්‍යස්ථාන නියෝජිතයින් විසින් තේරීම්භාර නිලධාරී සමග සිටින බලයලත් නිලධාරී නියෝජිතට ලබාදීමේදී තේරීම්භාර නිලධාරීට ඇති දුරස්ථභාවය හා ප්‍රවේශයට අපහසුකම් නිසා බාධා ඇතිවෙතියයි චෝදනා ඇසේ. නීතියේ බාධාවක් නොමැති හෙයින් මුලික ගණනය සිදුවන ගණන්කිරීමේ කාමරවලට ඉතාම ආසන්නයේම, මූලික ගණනයෙන් ලැබෙන සංඛ්‍යාති පරීක්ෂාකර, අදාළ මැතිවරණ කොට්ටාශයේ අපේක්ෂකයින්ගේ නියෝජිතයින් සමග ආසනයක සමූහ ප්‍රතිපලය සකසා තේරීම්භාර නිලධාරීට ප්‍රතිපල නිගමනයට සැලැස්වීමට සහකාර තේරීම්භාර නිලධාරියෙකු යොදවන්නේනම් හා අවම වශයෙන් පළමු සිට සතරවන ස්ථානය දක්වා නියෝජිතයන්ටවත් ලිඛිත ප්‍රතිපලයක් බෙදාදන්නේනම් අතරමගදී සංඛ්‍යාති ‘ජිල්මාර්ට්’ නොකරතියි විශ්වසනීයත්වය ගොඩනැගිය හැකිය.

චන්ද පොළකදී හෝ ගණන් කිරීමේ ජිල්මාර්ට් කිරීම කෙරෙති හෝ නොමැතියි යන්න පාලනයට මෙකී මාධ්‍යයන් ක්‍රියාදාමයන් ලෙස බලපාන මුත් ඒ සඳහා පිරිස් බලය වෙත පැවරී ඇති වගකීම බෙහෙවි. චන්ද පොළ නියෝජිතයින් හා ගණන් කිරීමේ නියෝජිතයින් කොතෙක් දුරට වෙහෙස නොබලා දිගටම මැතිවරණ ක්‍රියාදාමයන් තුලදී අවදියෙන්, සිත් එකාග්‍රතාවයෙන් සිටීද, ප්‍රතිවාදීන් කුමන අවහිරතා සිදුකරයිද යන්න දැන සිටීන, නීතිය හා කාර්යභාර පරිචය හොඳින් දන්නා ඉවසිලිවන්ත නියෝජිතයින් අපේක්ෂකයින් විසින් යෙදවීම අත්‍යවශ්‍යය.

0_139624241601_news (1)

 

 

*ඔස්ටින් ප්‍රනාන්දු -හිටපු ආරක්ෂක ලේකම්-යහ පාලන ලංකා

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.