මැතිවරණ දිනය විභගයට බාධාවක්-අනුර කුමාර

 

 

ANURA-10

 

පාර්ලිමේන්තු මැතිවරණය අගෝස්තු මස 17 වනදා නොපවත්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.ජනතා විමුක්ති පෙරමුණේ කඩුවෙල ආසන බල මණ්ඩලය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

අගෝස්තු මස 17දා මැතිවරණය පැවැත්වුවහොත් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සිසුන්ට විශාල බලපෑමක් සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.ඡන්ද විමසීමක් පැවැත්විය යුතු වුවද, ඒ සඳහා යොදාගත් දිනය පිළිබඳ යළි සැලකිළිමත් වන ලෙස ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයාගේ පක්ෂය හා රනිල් වික්‍රමසිංහ මහතාෙග් පක්ෂය ජනතාව ගැන කල්පනා කරන අාකරය හිතා බැලීමට හා වටහා ගැනීමට මෙය ප්‍රමාණවත් බව ඔහු පවසයි. දරුවාගේ අධ්‍යාපනයේ අවසන් ප්‍රතඵලය ලබා ගතහැකි මෙහොතේ ඡන්දයක් අැද දැමීම අපරාධයක් බවත් රූපවාහිනියේ හා සමාජයේ කතාබහ පවා ඡන්දය ගැන වීම නිසා ඒ තත්වය දරුවන්ගේ විභාග මානසිකත්වයට අවහිරයක් බැව කියා සිටියේය.

කරුණාකර විභාග දින අත්හැර ඡන්දය යොදන ලෙස ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව පැවසුවේය.

 

ඉදිරි මහ මැතිවරණය හේතුවෙන් අ.පො.ස. උසස් පෙළ විභාගය අදියර දෙකකින් පැවැත්වීමට ගෙන ඇති තීරණයට අනූව ඊට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

එම කාලසටහනට අනූව අගෝස්තු මස 4 වැනි දින සිට අගෝස්තු මස 13 වැනිදා දක්වා එක් කොටසක් පැවැත්වෙන අතර අනෙක් කොටස අගෝස්තු මස 24 වැනි දින සිට සැප්තැම්බර් මස 8 වැනිදා දක්වා පැවැත්විමට නියමිතය.

අගෝස්තු මස 17 වැනිදා මහ මැතිවරණය පැවැත්වෙන අතර ශිෂ්‍යත්ව විභාගයද අගෝස්තු මස 23 පැවැත්වෙනු ඇත.

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!