මැතිවරණ නඩු:අමුඩයේ සිට දේශපාලන මතවාද උසවියට

 

 

ccourt

 

අමුඩ ඔට්ටුව 

පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ජයගන්නා ජයග‍්‍රාහකයා ගැන අමුඩ ඔට්ටුවක් ඇල්ලූ අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති සුනිල් වික‍්‍රමසිංහ මහතා හා මධ්‍යම නුවරගම් පළාත් ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ අනුර බංඩාර මන්ත‍්‍රීවරයා අධිකරණයට ගොස් තිබේ.

උප සභාපති සුනිල් වික‍්‍රමසිංහ මහතා ඔට්ටුවෙන් පරාජයට පත්ව ඇති අතර ඔට්ටුව ඉටු කිරීම සදහා 10 වැනිදා පේමඩුව නගරයට නොපැමිණීමට හේතුවෙන් මන්ත‍්‍රී අනුර බණ්ඩාර මහතා ඇතුළු පාක්ෂිකයන් පිරිසක් උප සභාපතිවරයාට විරෝධය පළ කරමින් පේමඩුව නගරයේ විරෝධතාවක නිරත වී ඇත.

පසුව අනුර බණ්ඩාර මන්ත‍්‍රීවරයා විසින් උපසභාපතිවරයා ගිවිස ගත් අයුරින් ඔට්ටුව ඉටු නොකළ බව පවසමින් මහවිලච්චිය පොලීසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇති අතර අද (19) දිනයේදී උප සභාපතිවරයා ඔට්ටුව ඉටු නොකිරීම හේතුවෙන් අනුර බණ්ඩාර මන්ත‍්‍රීවරයා අනුරාධපුර දිසා අධිකරණය හමුවේ ඔහුගෙන් රුපියල් ලක්ෂ පහක වන්දියක් ඉල්ලා නඩු පවරන බව කියා සිටියේය.

උප සභාපති සුනිල් වික‍්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වුවහොත් පේමඩුව නගරයේ අමුඩයෙන් සැරසී සිටින බවටත්,එක්සත් ජාතික පක්ෂයේ ම.නු.ප ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රී අනුර බණ්ඩාර මහතාත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා පරාජයට පත්වුවහොත් පේමඩුව නගරයේ අමුඩයෙන් සැරසී සිටින බවටත් ඔට්ටු අල්ලා තිබුණි.

 

 

Dulip_wijesekara1

 

හිටපු නියෝජ්‍ය ඇමැති ඩුලිප් විජේසේකර

 

ජනාධිපතිවරණය දා ඡන්දය දීමට ගිය පුද්ගලයකුට පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය ඇමැති ඩුලිප් විජේසේකර සහ බියගම ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ගනේපොල මහත්වරු මහර ප්‍රධාන මහේස්ත්‍රාත් මහින්ද ප්‍රභාත් රණසිංහ මහතා විසින් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලැබූහ.

.

රංජිත් සොයිසා
රංජිත් සොයිසා

 

සන්ධාන මන්ත්‍රී රංජිත් සොයිසා මෛත්‍රීපිලට   නොගන්නැයි ඉල්ලමින් ගොඩකවෙල නගරයේ පැවැති රැලියකට සහභාගී වූ   දෙදෙනකුට පහර දුන්නේයැයි සැකපිට   රංජිත් සොයිසා ඇතුළු සිව් දෙනෙකු රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදා හරින ලෙස පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා නියෝග අද (19) කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද, ඔහුගේ රියදුරු සරත් බණ්ඩාර, සම්පත් කැලුම් වීරසූරිය සහ රෙක්සි හෙවත් ප්‍රැන්සිස් අමිල රත්නසිරි එලෙස ඇප ලැබූහ.

 

medium_079-65e2327cc0542f3c8785e4142d347f37

කේ පී ගැන ජවිපෙ අධිකරණයට

LTTE සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් විධිමත් නඩු විභාගයකින් පසු ඔහුට දඬුවම් ලබා දීමට කටයුතු කරන ලෙසත් ඉල්ලමින් ජනාතා විමුක්ති පෙරමුණ අද (19) දින අභියාචනාධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.

.

එහිදී අදහස් දැක්වූ විජිත හේරත් මහතා

”කේ.පී. කියන තැනැත්තා LTTE ජාත්‍යන්තර ජාලයේ ප‍්‍රධානීයා වගේම වේලූපිල්ලේ ප‍්‍රභාකරන් මැරුණට පස්සේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකත්වයට පත්වූ පුද්ගලයා. මොහු මැලේසියාවේදී අත්අඩංගුවට අරගෙන ලංකාවට ගෙන ආවාට පසුව හෙළි වූවා ඔහුට නැව් ගණනාවක් තිබෙනවා, ගිණුම් සියයක් තිබෙනවා, සුපර් මාර්කට් තිබෙනවා, රත්තරන් තිබෙනවා, මේ සියලූ විශාල ධනයකට හිමිකම් කියන පුද්ගලයෙක් කියලා හෙළිදරව් වුණා. නමුත් ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් පසුව කිසිදු අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව රාජපක්ෂ පාලනය විසින් හමුදා ආරක්ෂාව සහිතව සුඛෝපභෝගී ජීවිතයක් ගතකරමින් සිටිනවා. එතකොට මේ තත්ත්වය මෙරට නීතියට පටහැනියි. ත්‍රස්තවාදී සංවිධානයක නායකයකුට එවැනි පහසුකම් ලබා දීම ජුගුප්සා ජනකයි”

 

 

Dr-wasanth

දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම්  වෛද්‍ය වසන්ත බණ්ඩාර

දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම්  මෙන්ම හිටපු ඇමති විමල් වීරවංශ ගේ සමීපයෙක් වන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොලඹ අපරාධ කොට්ටාශය විසින් ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගියදා සිරිකොත එජාප මූලස්ථානය ඉදිරිපිටදී ජාතික සංවිධාන එකමුතුව විසින් පැවැත්වූ විරෝධතාවකින් පසුව ඇති වූ කලබලකාරී තත්වය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකටය.

වසන්ත බණ්ඩාර මහතා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබේ.

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.