මැතිවරණ නීරීක්ෂණයේ විශ්වශනීයත්වය බිඳ හෙලන්න විමල් වීරවංශ වැඩ කරනවා-CAFE

download

 මෛත්‍රීපාල සිරිසේන ගේ මැතිවරණ ප්‍රචාරක වැඩ වලට යෙදවීමටශ්‍රී ලංකාවේ ඇතැම් මැතිවරණ නිරීක්ෂක සංවිධාන වලට පිටරටවලින් ලැබෙන මුදල් යොදවන බවට විමල්

වීරවංශ නගන චෝදනාව cafe  සංවිධානය  බැහර කරයි.

 කන්තලේ  ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියේදී  විමල් වීරවංශ ඇමතිවරයා පැවසුවේ ලංකාවේ මැතිවරණ නිරීක්ෂකයින්ට ලැබෙන  ඩොලර් මිලියන දහසයක් තරම් මුදලින් සැහෙන තරමක්  මෛත්‍රීපාල සිරිසේන ගේ මැතිවරණ ප්‍රචාරක වැඩ වලට යෙදවන බවයි.

wimal weerawansa 2_CI

මේ චෝදනා ප්‍රතික්ෂේප කල  CAFE  මැතිවරණ නිරීක්ෂක ආයතනයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන්ගෙන්  කියා සිටියේ ශ්‍රී ලංකාවේ මැතිවරණ නිරීක්ෂක සංවිධාන පිළිබඳව පවතින මහජන විශ්වාසය බිඳ දැමීම සඳහා  විමල් වීරවංශ ඇමතිවරයා මෙවැනි අභුත චෝදනා කරන බවයි.

රජිත් කීර්ති තෙන්නකෝන් කියා සිටියේ,මැතිවරණ නිරීක්ෂන කටයුතු වලට ලැබෙන මුදල් ප්‍රමාණය සිය සංවිධානයේ මූලික මෙහෙයුම් කටයුතු වලටවත් ප්‍රමාණවත් නොවන  බවත් ස්වේච්ඡා ක්‍රියාධරයන් රාශියකගේ  සහභාගිත්වයෙන්  තමන් නිරීක්ෂණ කටයුතු කරගෙන යන බවයි ඔහු කියා සිටින්න්නේ.

 

 

.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.