මැතිසබේ රැස්වූ පසු විමල්ගේ බෝම්බ කතාව ගැන තීරණයක්

karu-jayasuriyaවිමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව රැස්වූ පසු තීන්දුවක් ගනු ඇතැයි කතානායක කරූ ජයසූරිය මහතා පවසයි. මහජන නියෝජිතයකු ලෙස ඔහු එවැනි ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධව තමන් කනගාටු වන බවද ඒ මහතා කීය.

මහනුවර කටුගස්තොට පැවැති ආගමික උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් කතානායකවරයා පෙරේදා (28) මේබව ප්‍රකාශ කළේය.

මෙම ප්‍රකාශය විමල් වීරවංශ මහතාගේ ගෞරවයටද හානියක් බවත් එතුමා එවැනි ප්‍රකාශයක් නොකළේ නම් හොඳ බවත් කතානායකවරයා පැවසුවේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.