මැදිරිගිරිය මත් නාටකය රඟ දක්වන තෙක් ගුරු දෙගුරුන් සිටියාද බකං නිලා

handමැදිරිගිරිය අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසලක 10 සහ 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් පිරිසක් කිසියම් මත්ද්‍රව්‍යයක් පානය කොට ඔවුන්ගේ අත් තියුණු ලෙස කපාගෙන සිටියදී පොලිස් බාරයට ගත් බව මැදිරිගිරිය පොලිසිය කියයි.

මේ පිළිබඳව විමර්ශන කිරීමේදී හෙළිවී ඇත්තේ මත් ද්‍රව්‍ය ප්‍රාදේශීයව සපයා ගෙන ඇති බවයි. මෙවැනි අනතුරුදායක තත්වයක් ඇතිවෙන තුරු ගුරු දෙගුරුන් කුමක් කලේද යන ප්‍රශ්නය මතුවේ. පොලිස් බාරයට පත් සිසුන් 41 දෙනකුගෙන් 32ක්ම ඔවුන්ගේ අත් තියුණු ලෙස කපාගෙන තිබූ අතර අත් කපාගෙන සිටි සිසුවියන් 7කටද පොලිසිය දැඩි ලෙස අවවාද කොට ඔවුන් මව්පියන්ට බාරදී ඇත.

මෙම සිද්ධිය සිදුවූ පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා පවසන් පරිදි සිසුන් ගේ ලේ ගලන තුවාල දුටු වහාම ඔහු පොලීසිය දැනුවත් කොට ඇත. මේ සිසුන්ම භාවිතා කළ මත්හි ද්‍රව්‍ය විශේෂය බහුලව පාසැල් අසල වෙළෙඳාම් කෙරෙන බැවින් ඒ පිළිබඳව ගුරු දෙගුරුන් දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව ළමා ආරක්ෂණ අධිකාරියේ ප්‍රකාශකයෙක්ක් පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.