මැයි දින කයිවාරු

workers-day-1ආණ්ඩුකරණයට අපේ දේශපාලකයින් දක්වන සමර්ථ බව කෙසේ වෙතත් සෙනග ඇදීමට නම් ගජ හපනුන්ය. මේ තමාගේ ආසනය පවා  රැකරක ගැනීමට නොහැකි වු නිදහස් පක්ෂ මැයි රැළියේ ප්‍රධාන සංවිධායක වරයා වන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා ගේ වැඩ පිළිවෙලයි

මහනුවර හේවාහැටින් මම මෙවර ගැටඹේට 5000 ක් ගේනවා. ඒ වගේම 3000 ක සමෘද්ධි යතුරු පැදි බලකායක් මේකට සහභාගී වෙනවා. මීට අමතරව මහනුවර සියලුම ආසන වලින් 5000, 3000 බැගින් සෙනඟ ගේනවා. මහනුවරට ලඟ තියෙන හඟුරන්කෙත, වලපනේ, මාතලේ, මහියංගණය, වැනි ප්‍රදේශ වලින් විශාල සෙනඟක් ගේනවා. මේ නිසා මහනුවර ඉතිහාසයේ කිසිම දවසක නොතිබූ අති විශාල තදබදයක් ඇතිවෙන්න පුළුවන්. දළදා පෙරහරේ අන්තිම දවස් 02 මහනුවර වැඩිම තදබදයක් ඇතිවන දවස්. නමුත් ඒ වගේ තුන් ගුණයක තදබදයක් ඇතිවේවි. 

මේ එකක් වත් සිදු නොවුනත් ගැටළුවක් නැත මන්ද ප්ර්කශයා එස්.බී.දිසානායකය. ඒකාබද්ධ විපක්ෂයට ඇති ප්‍රධාන ගැටළුව ගෝල්ෆේස් පිට්ටනිය පුරවන්න තරම් සෙනග ඇදීමයි. ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රසන්න රණතුංග එස් බී දිසානායකට දෙවෙනි වීමට සුදානම් නැත.

රණතුංග  මන්ත්රීවරයා:


“රට පුරා තියෙන ආණ්ඩු විරෝධී රැල්ලත් එක්ක ගොල්ෆේස් එක නෙමෙයි ගෝල්ෆේස් දාහක් පුරවන්න පුළුවන් සෙනඟක් එකතුම්න්ත්රීව්රට් කරන එක මහ ලොකු වැඩක් නෙමෙයි.
අපිට අභියෝග කරන්න ගෝල්ෆේස් දුන්න ආණ්ඩුවට උණ ගැනෙන අභියෝගයක් කරන්න අපි මැයි 01 වැනි දා සූදානමින් ඉන්නවා. එදාට රටේ සතර අතින් ගාලුමුවදොරට ගලන සෙනඟ ජනාධිපති කාර්යාලය, අරලියගහ මන්දිරය යට කරගෙන ගලායන කොට ආණ්ඩුවට නිකම් නෙමෙයි සහලෝලා උණ ගන්නවා. චණ්ඩි වගේ ගෝල්ෆේස් දුන්නට ආණ්ඩුවටත් දැන් ඒක තේරිලා තියෙනවා.”

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!