මැරතන් තරඟයට ගිය දරුවා මිය යයි

??????????

අම්බලන්තොට, බෝලාන මහා විද්‍යාලයේ නිවාසාන්තර කී‍්‍රඩා උළලේ අද පැවති මැරතන් ධාවන තරගයට සහභාගිවූ 10 ශ්‍රේණියේ සිසුවෙකු හදිසියේ මියගොස් තිබෙනවා.

චමෝද් සත්සර නමැති සිසුවෙකු මෙලෙස මියගොස් ඇති බවයි.මැරතන් තරගයේ කිලෝමීටර් එක හමාරක පමණ දුරක් ධාවයේ යෙදෙන විට මෙම සිසුවා හදිසියේ රෝගාතුර වී හදිසි ඇදවැටී තිබෙනවා.

පසුව අම්බලන්තොට රජයේ රෝහලට රැුගෙන යාමෙන් පසු ඔහු ජීවිතක්‍ෂයට පත් වී ඇත.මෙම සිසුවා පාසලේ දීප්තිමත් සිසුවෙකු බව ගුරුවරියක් කියා සිටියාය.
පාසල් මැරතන් තරගවලට සහභාගි වූ සිසුන් හදිසියේ රෝගාතුරවීම හේතුවෙන් ඉකුත් වසරේද අවස්ථා කිහිපයකදී ජීවිතක්‍ෂයට පත්වීමේ සිද්ධීන් වාර්තා වුණා. පසුව අධ්‍යාපන බලධාරීන් නියෝග කළේ එවැනි තරගයකට සහභාගිවීමට පෙර කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්කර ශාරීරික යෝග්‍යතාව පරික්‍ෂා කර බැලිය යුතු බවයි.

 

 

www.nethfm.com 02

www.nethfm.com 04

www.nethfm.com 05

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.