මිටියෙන් ගසා හිස තලා සිසුන් මැරුවේ කව්ද?

question mark2012 සැප්තැම්බර් 27 අළුයම ජනක බන්ඩාර හා සසිත ප්‍රියංකර යන සරසවි සිසුන් දෙදෙනා ගේ මරණ ඉහළම බලවතෙකුගේ නියෝගය කට අනුව සිදුකල ඝාතනයක් බව තහවුරු කල හැකි තොරතුරු හෙලිවී ඇත. එම තොරතුරු වලට අනුව මෙම සිසුන් දෙදෙනා ඝාතනය කොට ඇත්තේ හිස තද යමකට තබා හිස මතට ඝන ලෑල්ලක් හෝ තහඩුවක් වැනි යමක් තබා හිස් කබල තැලී පොඩිවී යන ලෙස ඒ මතට මිටියක් වැනි බර දෙයක් භාවිත කොට පහර දීමෙන් බව අනාවරණය වේ.

මෙම ඝාතනයේ සැලසුම් කරුවා ආරක්ෂක අංශයේ සේවය කල පුද්ගලයෙක් වන අතර හමුදාවේ ඉහල නිලයක් දරන්නෙකි. එහෙත් මොහු විධිමත් හමුදා පුහුණුවක් නොලැබූ පුද්ගලෙයෙක් බවද අනාවරණයවේ.

2012 සැප්තැම්බර් 27 අළුවම 3 00 ට නැවතී සිටි තැනින් පිටත් වන විට මග කවල් ලා සිටි මෙම පුද්ගලයා ඇතුළු කන්ඩායම ගම්පහ කච්චේරියට මීටර් 500 පමණ දුරින් මිරිස් වත්ත හන්දිය දෙසට වෙල්යාය ආසන්නයෙදී මග හරස් කර සිසුන් අල්ලාගන ඇත. හිස තලා ඝාතනය කර පසුව නුවර පාරේ ඉඹුල්ගොඩට ගෙනත් දමා ඇත.

මෙම අපරාධයට මෙහෙයවූ පුද්ගලයාගේ මුල් ගම ඛෙලිත්ත වන අතර මොහු ගම වශයෙන් සදහන් කරන්නේ ඇලහැර දියඛෙදුම දෙහිවත්ත ප්‍රදේශයවේ. කලක් මෙම පුද්ගලයා අපරාධ කරුවෙකු ලෙස සිරගතව සිටියදී හිටපු බලවතා විසින් මැදිහත්ව නිදහස් කරගන මේජර් තනතුරක් ලබාදී ඇත.

සිසු ඝාතනෙය් උත්තර නැති ප්‍රශ්ණ.

01: සිසුන් මුහුණ දුන් අනතුර සිදු වීමට පෙර රාත්‍රියේ ඔවුන් හඹා ආ යතුරු පැදිකරුවන් කවුද? ඒ පිළිබඳ පැමිණිල්ල ගම්පහ පොලිසිය මේ දක්වා විසින් විමර්ශනයක් නොකළේ ඇයි?

02: සිසුන් නැවතී සිටි ස්ථානයට ආසන්නව රැකවල්ලා සිටි බව කියන ඩිෆෙන්ඩර් රථ 02 හා යතුරු පැදිවලට පැවරී තිබූ රාජකාරිය කුමක්ද?

03: අනතුර ගැන යක්කල පොලිස් මුරපළට දැනුම් දුන් නාවික නිලධාරියා කවුද? එම දැනුම් දීම ගැන ගම්පහ පොලිසියේ හා පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශ අතර පැවති පරස්පරතාව කුමක්ද?

04: අනතුර ගැන දැනුම් දුන්නේ යැයි කියන ත්‍රීවීල් රියැදුරා සිද්ධිය දැක එය දැනුම් දීමට පැය 1 1/2 ක කාලයක් ප්‍රමාද වූයේ ඇයි?

05: එස්.අයි. රවීන්ද්‍ර පණිවුඩ හුවමාරු යන්ත්‍රයෙන් අදාළ ස්ථානයේ මිනීමැරුමක් සිදු වී තිඛෙන බවට අලූයම 4.30 ට පණිවුඩ හුවමාරු යන්ත්‍රයෙන් පණිවුඩයක් ලබාදුන්නේ කුමන හේතුවක් මතද?

06: ශිෂ්‍යයන් අත තිබූ ජංගම දුරකථන දෙකට සිදු වූයේ කුමක්ද?

07: අනතුර පිළිබඳ පොලිසිය සටහන් තැබීමට පැයක් ප්‍රමාද වූයේ ඇයි? ඔවුන්ගේ නිරීක්ෂණ එදින මධ්‍යම රාත්‍රිය වනතුරුත් පොලිස් පොත්වල සටහන් නොකළේ ඇයි?

08: එස්.බී. ඇමැතිවරයා මෙම මරණ සැක සහිත බව ප්‍රකාශ කළේ කුමන පදනමකින්ද? පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම මරණ පරීක්ෂණ සිදු වීමට දිනකටත් පෙර මෙය හදිසි අනතුරකින් සිදු වූ මරණ බව ප්‍රකාශ කිරීමට ඔහුට තිබූ සාධක මොනවාද?

09: අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඇලවූ පෝස්ටර් ඉරා දැමීමට පොලිසිය කටයුතු කළේ ඇයි?

10: “මිය ගොස් ඇත්තේ සංජීව බණ්ඩාර” යනුවෙන් පොලිසිය ප්‍රකාශ කළ බවට ප්‍රදේශයේ පැතිර යන කටකතාවේ පදනම කුමක්ද?

11: අනතුර සිදු වූ ස්ථානයේ එතරම් බරපතළ තුවාල සිදු වී තිබියදීත් ලේ සටහන් නොතිබුණේ ඇයි?

12: අනතුර සිදු වූ ස්ථානයේ ටයර් සටහන්, ඇතැම් සලකුණු හා ලේ පැල්ලම් මකාදැමීමට පොලිසියට තිබූ හදිසිය කුමක්ද? ශිෂ්‍යයන් හැපුණු පහන් කණුවේ කැඞී ගිය කොටස් ඉවත් කළේ ඇයි?

13: ශිෂ්‍යයන් නවාතැනින් පිටත් වුණු කාලය හා ඊට නොදුරු අනතුර සිදු වූ ස්ථානය අතර වූ පැය 1 1/2 ක කාලය තුළ ශිෂ්‍යයන් දෙදෙනා අතුරුදන් වී සිටීමට හේතුව කුමක්ද?

14: පොලිස් මාධ්‍ය ප්‍රකාශක පුන පුනා ප්‍රකාශ කළ පරිදි මෙය හදිසි අනතුරක් නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා බුද්ධි නිලධාරීන් ඒ අසල රදවා සිටියේ ඇයි?

15: අනතුර සිදු වූ ස්ථානයේ අලූයම 4.00 ට පමණ නවතා තිබූ හමුදා ජීප් රියට පැවරුණු රාජකාරිය කුමක්ද?

ධනූ රාමවික්‍රම.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.