මියුරු පද ගෙතු ඇලෝයි ගුණවර්ධන දිවියෙන් නික්ම යයි

 

4626625e53f039ba68aloy

ප්‍රවීණ ගීත රචක ඇලෝයි ගුණවර්ධන මහතා ඊයේ(25) මෙලොවින් සමුගත්තේය. දරුවන් සත් දෙනෙකුගේ පියෙකුවූ ඒ මහතා මිය යන විට 83 වන වියේ පසුවිය.

60′ 70′ දශකයන් එකලු කළ සිංහල සරළ ගීතය පිළිබඳ මතකය  අදටත් එකසේ පවතී. අසාහාය ගායක එච්.ආර්. ජෝතිපාල, ඡේ. ඒ. මිල්ටන් පෙරේරා බඳු ගායකයන් ඒ සරළ යුගය සිය හඬ මාධූර්යයෙන් ඔපවත් කරද්දී පද මාධූර්යයෙන් ඊට ඔදවත් මෙහෙවරක්‌ කළ ගීත රචකයන් වූයේ අතැඟිලි පමණකටය. ඇලෝයි ගුණවර්ධන එබඳු ගීත රචකයෙකි.

ඔහු ගීත 1000 කට අධික සංඛ්‍යාවක් රචනා කර ඇති අතර දශක කිහිපයකට ඉහතදී අසහාය ගායන ශිල්පී එච්. ආර්. ජෝතිපාලයන්ගේ හඬින් ගැයුණු මුල්ම ගුවන් විදුලි ගීතය ලෙස සැලකෙන ‘මුලදි බැන්ඳ ආදරයක මිහිර දැන්’ ගීතයේ මෙන්ම ගායන ශිල්පි ජේ. ඒ. මිල්ටන් පෙරේරා ගුවන් විදුලියේ වෙළඳ සේවයට මුලින්ම ගැයූ ‘ආලේහි බැඳී ජීවිත අඳුරේහි ගැලේවි’ ගීිතයේ පද රචකයා ඇලෝයි ගුණවර්ධනය. ඉන් පසු ජෝතිපාලයන් මෙන්ම මිල්ටන් විසින් ද ගායනා කළ ගීත ගණනාවකම පද රචනා හිමිකරු වුවේ ඇලෝයිමය. ජෝති ගැයූ ‘ඇස් දෙක වාගෙ හිටිය’, ‘පායා ඇයි හිනැහෙන්නේ’, ‘පණ වාගෙ හිටියාට’, ‘ඇයි දැන් එපා වෙලා’, ‘පිළිගන්න මම චන්න ඇමති’, ‘මා බැන්ද ගෙයක් තිබුණා’, ‘රත්තරන් සඳක් පායයි’, ‘බලන්න මා දිහා ටිකක් හිනා වෙලා’, ‘මගෙ ජීවිතයේ සතු වී තිබු දෙයක්’, ‘මා ලැබූ ජීවිතයේ සැනසුම ඔබ සතුවේ’, ‘වෙනතක යන්න ගියා’, ‘වෙන තරුණියකගෙ දෑත රැගෙන මට’ ගීත මෙන්ම මිල්ටන් ගැයූ ‘අහන්න මගෙ හොඳ පුංචි පුතේ’, ‘ඔබට නම් නැහැ නේද රත්නේ මට වගේ දුක් වේදනා’, ‘බැලුවේ නැහැනේ මාගෙ දිහා’ වැනි ගීත ද ලියූ ඇලෝයිගේ ගී පදමාලාය.

 
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්
ශෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාල යන්නෙ නෑ මගේ සුදු රත්තරන් . . .!

ගැයුම – එච්. ආර්. ජෝතිපාල
පද – ඇලෝයි ගුණවර්ධන

 

 

 

[vsw id=”/e0rVdlHKa_0″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.