මිය ගිය ධීවරයාගේ සිරුර දින 9 ක්‌ මාළු සහිත අයිස්‌ කුටියේ…………

fish-in-fridgeමියගිය ධීවර කාර්මිකයාව මාළු සමඟ අයිස්‌ කුටීරයේ රැගෙන ආ බහුදින ධීවර යාත්‍රාවේ තිබූ ලක්‌ෂ 25 ක මාළු තොගය මිනිස්‌ පාරිභෝජනයට නුසුදුසු බවට වත්තල මහෙස්‌ත්‍රාත් පූර්ණිමා පරණගම මහත්මිය ප්‍රකාශ කළාය.

පසුගිය ඔක්‌තෝබර් 21 දින මුහුදු ගිය මෙම ධීවර යාත්‍රාවේ කාර්මික ශිල්පියෙක්‌ හෘදයාබාධයකින් නොවැම්බර් මස 20 වැනිදා මියගොස්‌ ඇති අතර එම මෘත ශරීරය වෙන් නොකළ අයිස්‌ කුටීරයක මත්ස්‍යයින් සමඟ තැන්පත් කර දින 09 කට පසු වත්තල දික්‌ඕවිට වරායට පැමිණෙන විට සෞඛ්‍ය පරීක්‌ෂකවරුන්ගේ පරීක්‌ෂාවට ලක්‌ වී තිබුණි.

සෞඛ්‍ය පරීක්‌ෂක මහතුන් කළ පරීක්‌ෂණයේදී බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු මියගිය ධීවර කාර්මික ශිල්පියාගේ මෘත දේහය සත්භාවයෙන් අයිස්‌ කුටීරයේ තැන්පත් කර තිබූ බව තහවුරු වුවද මෘත ශරීරය සමඟ තිබූ මත්ස්‍යයින් මිනිස්‌ පාරිභෝජනයට නුසුදුසු බව තහවුරු කිරීමට සිද්ධිය වත්තල මහෙස්‌ත්‍රාත් අධිකරණයට 30 දා යොමු කිරීමෙන් පසු 02 දා මහෙස්‌ත්‍රාත්වරිය ලබාදුන් තීන්දුව වූයේ මෙම මත්ස්‍ය තොගය සත්ව ආහාර සඳහා යොදා ගැනීම සුදුසු බවයි. මියගිය ධීවර කාර්මික ශිල්පියා හෘදයාබාධයකින් මියගොස්‌ තිබූ බව පශ්චාත් අධිකරණ වෛද්‍ය පරීක්‌ෂණයේ තහවුරු වී තිබණු බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පැවසීය.

බහුදින ධීවර යාත්‍රාව පරීක්‌ෂා කිරීම සහ මෘත ශරීරය සමඟ අයිස්‌ කුටීරයේ රැගෙන ආ මාළු තොගය මිනිස්‌ පරිභෝජනයට නුසුදුසු බවට අධිකරණ තීන්දුව ලබා ගැනීමට වත්තල සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍ය එච්. එම්. එස්‌. හිජාස්‌, උස්‌වැටකෙයියාව සෞඛ්‍ය පරීක්‌ෂක එස්‌. ඒ. ආර්. එස්‌. සමරතුංග, බෝපිටිය සෞඛ්‍ය පරීක්‌ෂක චතුර ප්‍රභාෂණල මත්තුමගල සෞඛ්‍ය පරීක්‌ෂක පී. පී. එ. ඩී. කුමාර යන මහත්වරු කටයුතු කර තිබූ අතර වත්තල අධිකරණයේදී පැමිණිල්ල මෙහෙය වීම සෞඛ්‍ය පරීක්‌ෂක ආර්. එම්. එච්. ආර්. සමරදිවාකර මහතා විසින් සිදු කර තිබුණි. සෞඛ්‍ය පරීක්‌ෂක මහත්වරුන්ගේ දැඩි කැප වීම නිසා මෙම අහිතකර මාළු තොගය මිනිස්‌ පාරිභෝජනයට ගැනීමට විත්තිය දරන ලද උත්සාහය ව්‍යර්ථ කර ගැනීමට හැකි වීම විශාල ජයග්‍රහණයක්‌ බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පැවැසීය.

(දිවයින)

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!