මිරිහාන සුදු වෑන් සුලමුල ප්‍රසන්නගෙන්

 

7b1444d0037c509ff60361537331b34e_L

 

 

මිරිහනේදී  ‘සුදු වැන්’ රථයක සිටියදී ගිනි අවියක් සමග අත්අඩංගුවට ගැනුණු හමුදා සාමාජිකයින් තිදෙනා පිළිබඳ මේජර් ජනරාල් ප‍්‍රසන්න සිල්වා මහතාගෙන් පොලීසිය ඊයේ දීර්ඝ වශයෙන් ප‍්‍රශ්න කර ඇත.

මිරිහාන පොලිස් ස්ථානයේදී මෙම ප‍්‍රශ්න කිරීම් සිදු කළ බව සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසිය.

ව්‍යාජ අංක තහඩුවක් සවි කරන ලද වාහනයකින් ගමන් ගනිමින් සිටින අතරතුර මෙම හමුදා සාමාජිකයින් තිදෙනා අත්අඩංගුවට පත් විය.

කෙසේ වෙතත් ඊයේ  සිදුකල ප‍්‍රශ්න කිරීම් වලදී මේජර් ජනරාල් ප‍්‍රසන්න සිල්වා මහතා සඳහන් කර ඇත්තේ අදාල සාමාජිකයින් තිදෙනා තමාගේ ආරක්ෂක රාජකාරී භාරව කටයුතු කරන නිළධාරීන් බවයි.

ඔවුන් සතුව තිබූ ගිනි අවිය තමාගේ රාජකාරී ගිනි අවිය බවද මේජර් ජනරාල්වරයා ප‍්‍රකාශ කර තිබේ.

එමෙන්ම අදාල වෑන් රථය යුධ හමුදාවට අයත් බවද එහි ව්‍යාජ අංක තහඩු සවි කිරීම සම්බන්ධයෙන් කරුණු හෙළිකිරීමට නොහැකි බවද මේජර් ජනරාල් ප‍්‍රසන්න සිල්වා මහතා පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කි‍්‍රයාත්මක බවත්, ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩි දුරටත් කියා සිටියේය.

සුදු පැහැති වෑන් එකක්‌ වෙට්‌ටු දමමින් ධාවනය වූ නිසා එම වෑන් රිය පිළිබඳව පොලිසියට සැකයක්‌ පහළ වූ බව නුගේගොඩ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්‌පති කපිල ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.