මිලිනා නික්ම ගිහින්……….

milinaනියෝජ්‍ය කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ මව වූ සුමති සමූහ ව්‍යාපාරයේ සභාපතිනි මිලිනා සුමතිපාල මහත්මිය (81) අද (26) කොළඹ පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වූ බව ඇගේ පවුලේ ආරංචි පවසයි. ප්‍රකට සමාජ සේවිකාවක්, චිත්‍රපට නිෂ්පාදිකාවක් ආදී විවිධ ක්ෂේත්‍රවල ජනප්‍රිය නාමයක් දිනා සිටි ඇය 2001 වසරේ සිට 2005 දක්වා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ධූරයද දැරුවාය. දැවැන්ත අශ්ව රේස් ව්‍යපාරයක හිමිකාරියක් වූ මිලිනා  දළදා මාලිගාවේ රන් පියස හැදීමට මුල් වුවාය.

මාවතක්

පසුගිය වසරේ ඇගේ 80 වැනි ජන්ම දිනය නිමිත්තෙන් අපදාන ග්‍රන්ථ දෙකක් ද නිකුත් කැරුණු අතර කොළඹ 10 පුංචි බොරැල්ල කැම්බල් පෙදෙස මිලිනා සුමතිපාල මාවත ලෙසද නම් කැරිණි. මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වූ යූ.ඩබ්ලිව්.සුමතිපාල ඇගේ ආදරණීය සැමියා වූ අතර ඇය දරුවන් සත් දෙනකුගේ මවක ද වූවාය. අනෝජා, ශානිකා, ජගත්, සන්ධ්‍යා, රමණි, තිලංග සහ අනුෂා ඔවුන්ගේ දූ දරුවෝය.

ශ්‍රී ලංකා සිනමා වංශ කථාවේ විශිෂ්ට නිර්මාණයක් ලෙසින් සැලකෙන ‘ගඟ අද්දර‘ චිත්‍රපටය නිෂ්පාදනය කළේද මිලිනා සුමතිපාල මහත්මියයි. එම චිත්‍රපටයෙන් ලද ආදායම ඒ වන විට දිවියෙන් සමුගෙන සිටි ඇගේ සැමියා වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේ ස්නායු රෝග අංශයේ වාට්ටුවක් සෑදීමට යෙදවූවාය. ඊට අමතරව ඇය දුවට මවක මිස, උප්පලවණ්ණා, පත්තිනි ආදී චිත්‍රපට නිෂ්පාදනය කරමින් මෙරට සිනමා ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් ලබා දුන්නාය.

ලක්බිම පුවත්පත ද ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් සම්මාන ලබාදීමට සුමති ටෙලි සම්මාන උළෙල ද අඛණ්ඩව පවත්වාගෙන යාමට සුමති සමූහ ව්‍යාපාරයේ සභාපතිනිය ලෙස ඇය මූලික වූවාය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.