මීළඟ පාර්ලිමේන්තුවේ විපක්ෂය දෙමළ සන්ධානය?

tna-sambanthan

මේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පදවිය හිමි වන්නේ කාටද යන ප්‍රශ්නය හුදු වැඩ විවාද වලට පමණක් සීමාවූ  කරුණක් බව වැඩි  දෙනා කල්පනා කරති.මන්දයත් ආණ්ඩු ක්‍රම සංශෝධන ඉදිරිපත් කල පසුව පාර්ලිමේන්තුව විසුරුවා හරින බව දැනටමත් ප්‍රකාශ වී ඇත.

එහෙයින් සබැ ලෙසම විපක්ෂ නායක තනතුර පිළිබඳව ගැටලුව තීරණාත්මක ලෙස මතුවන්නේ මීළඟ පාර්ලිමේන්තුව තුළදී ය.

පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්aධන් මහතා ඊයේ (10) කථානායක චමල් රාජපක්‍ෂ මහතාට ලිපියක්‌ භාරදී ඇත.

තම පක්‍ෂය හැර විපක්‍ෂයේ සෙසු සියලුම පක්‍ෂවල මන්ත්‍රීවරුන් කිහිපදෙනකු හෝ ආණ්‌ඩුවේ ඇමැති ධුර දරන බවද ආණ්‌ඩුව සමඟ සබඳකම් නොපවත්වන විපක්‍ෂයේ එකම පක්‍ෂය ද්‍රවිඩ ජාතික සන්ධානය බවද සම්බන්දන් මහතා අදාළ ලිපියේ දක්‌වා ඇත.

 

 

 

සුළි සුළඟ පිළිබඳව ඉඟියක්

 

අප්පාපිල්ලේ අමිර්තලිංගම්
අප්පාපිල්ලේ අමිර්තලිංගම්

මේ ලිපිය මේ ලඟට හමන  සුළි සුළඟ පිළිබඳව ඉඟියක් සේ ඇතමුන් සලකති.

මේ පාර්ලිමේන්තුව තුළ දෙමල ජාතික සන්ධානයේ පක්ෂය වන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයට අසන 14 ක් හිමි වී ඇත.මීළඟ පාර්ලිමේන්තුවේදී උතුරු නැගෙනහිර EPDP බලය අඩු වී දෙමල ජාතික සංධානයට ලැබෙන ආසන ගණන වැඩි විය හැකිය.අනෙක් අතට දෙමල ජාතික සන්ධානය දකුණේ අසන තරංග කළහොත් සෑහෙන තරම්  දෙමළ ජනගහනයක් සිටින කොළොඹ, මහනුවර, සපරගමුව ආදී පළාත් වලින් අවම වශයෙන් අතිරේක  ආසන පහක්වත් ලබා ගත හැකි වනු ඇත.

ජාතික ආණ්ඩුවක් පිහිවුවහොත් දෙමළ ජාතික සංධානය විපක්ෂයේ සිටීමට වැඩි ඉඩක් ඇති අතර එහදී විපක්ෂ නායක තනතුර එහි නායකයාට හිමි වීමට ඉඩ  ඇත.

අනෙක් අතට ශ්‍රී ලංකා නිදහස් පාශයේ නාම යෝජනා නොලබන පිරිස මහින්ද රාජපක්ෂ ගේ ඍජු හෝ වක්‍ර මැදිහත් වීම  යටතේ මැතිවරණයට එළඹීයහොත් ඒ පිළට  විපක්ෂයේ බහුතරය  වීමේ හැකියාව තිබෙනට පුළුවන.

1977 දී අම්ර්තලිංගම් මහතාගේ නායකත්වයෙන් යුතු ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට ව්පාශ නායක තනතුර හිමි වෙද්දී පක්ෂයට අසන 18 ක්  ලැබුණු අතර 6.75% ඡන්ද ප්‍රතිශතයක් ලැබුණි.

Summary of the 1977 Sri Lankan parliamentary election[2]
Party Candidates Votes % Seats
United National Party 154 3,179,221 50.92% 140
Tamil United Liberation Front 23 421,488 6.75% 18
Sri Lanka Freedom Party 147 1,855,331 29.72% 8
Ceylon Workers’ Congress 2 62,707 1.00% 1
Lanka Sama Samaja Party 82 225,317 3.61% 0
Communist Party of Sri Lanka 25 123,856 1.98% 0
Mahajana Eksath Peramuna 27 22,639 0.36% 0
Others 295 353,014 5.65% 1
Valid Votes 755 6,243,573 100.00% 168

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.