මීළඟ විදේශ ඇමති කවුද?

unknownබැඳුම්කර වංචාව සිදුවෙන සමයේ මුදල් ඇමති ලෙස කටයුතු කළ රවි කරුණානායක ඇමතිවරයා පිළිබඳව චෝදනා ඔහුගේ කඳවුර ඇතුලතින්ම එල්ල වීමත් සමඟ ඔහුගේ ඇමති තනතුරද අවිනිශ්චිත ඉසව්ව කරා තල්ලු වෙමින් පවතී.

බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දීමෙන් අනතුරුව ජනාධිපති සහ අගමැතිවරයා රවි කරුණානායක ඇමතිවරයා සම්බන්ධයෙන් නිසි තීන්දුවක් ගනු ඇති බව එස් බී දිසානායක ඇමතිවරයා පවසයි. රවි කරුණානායක ඇමතිවරයා නිර්දෝෂී යැයි කියා සිටියත් කොමිසම හමුවේ එල්ල වී ඇති කරුණු බරපතල බව එස්. බී දිසානායක ඇමතිවරයා පවසයි.

හරින් ප්‍රනාන්දු ඇමතිවරයා රවි කරුණානායක ගැටළුව පිළිබඳව තම ඉඟිය පල කළේ ‘දුෂණයකට මා අහුවුනොත් ඇමතිකම දාලා යනවා යැයි කියමින්ය

රංජන් රාමනායක සුපුරුදු ආවේගයෙන් කියා සිටියේ තමන්ට හොරු සමඟ හෙළුවෙන් සිටීම අසීරු බවයි. විදේශ ඇමති යනු රටේ ප්‍රතිරූපයයි. වංචා චෝදනා සහිත මුදල් ඇමතිවරයෙක් ලෝකයට ඉදිරිපත් කළ නොහැක. අනෙක් අතට රවි කරුණානායක ගනුදෙනු හෙළිදරව්ව එක්සත් ජාතික පක්ෂයට වෙස් වල ගෙන පැමිණි ආශීර්වාදයකි.

බැඳුම්කරය පිළිබඳව තොරතුරු හෙළිදරව් වූ මුල් වකවානුවේ සිද්ධියට සුදු හුණු ගෑමට රනිල් වික්‍රමසිංහ ඇතුළු ප්‍රබලයින් මහත් වෙහෙසක් දැරුහ. දැන් ඒ සියලු දෙනාටත් අවම වශයෙන් ප්‍රචාරණ අවකාශය තුළදී’අපු ඕවට නැහැ කියා රවි කරුණානායක දෙසට ඇඟිල්ල දිගු කළ හැකිය.

ඒ නිසානව විදේශ ඇමතිවරයෙක් යනු හිතළුවකට වැඩි යමක් විය හැකිය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.