මීළඟ විශ්වාසභංග යෝජනාව රාජිතට එරෙහිව

rajitha-senaratne-1චෝදනා හතක් යටතේ සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (24) හෝ හෙට (25) කතානායකවරයා වෙත බාර දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ප්‍රකාශ කළේය. විශ්වාසභංග යෝජනාවට අවශ්‍ය අත්සන් අද දවස තුළ පාර්ලිමේන්තුවේදි මන්ත්‍රීවරුන්ගෙන් ලබා ගන්නා බවද මන්ත්‍රීවරයා ඊයේ (23) පැවසුවේය.

රජයේ තන්සේරු මුදලට වඩා අඩුමිලට මෝදර ධිවර වරාය බදුදිම, අල්ලස් කොමිසම හමුවේ ඇති පරික්ෂණවලට සහාය නොදි මගහැර සිටිම ඇතුළු චෝදනා හතක් රාජිත සේනාරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කර ඇතැයි ද මන්ත්‍රීවරයා කීවේය. මෙම විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමට ඇති ඉඩකඩ අඩුය. මේ මගින් දැනටමත් ප්‍රබල තැනක සිටින රාජිත සේනාරත්න තවත් බලවත් වීමට  ඉඩ ඇත.

ටොමියා ඇවිස්සිලා

රටපුරා යහපත් සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යන බවට සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විරෝධය දැක්වූ විපක්ෂයේ සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (23) ඇමතිවරයා විවේචනය කරමින් කතා කිරිම නිසා දෙදෙනා අතර උණුසුම් මත ගැටුමක් ඇතිවිය. දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව නියඟයෙන් පීඩා විදින බවත් ඒ අතර වකුගඩු හා පිළිකා රෝගින් සිටින බවත් ඔවුන්ට දිනපතා ප්‍රතිකාර කටයුතු කරගැනිමට ආර්ථික අපහසුතාවක් ඇති බවත් දිසානායක මහතා කීවේය.

අනුර කුමාර දිසානායක මහතා – ගොවි ජනතාවට අසනිපයක් උනොත් රෝහල්වල බෙහෙත් නෑ…. පිටින් ගන්න ඕනෑ…..

සෞඛ්‍ය ඇමති – කොහෙද කොහෙද ඒ  anura-kumara

අනුර දිසානායක මහතා – මොණරාගල

ඇමතිවරයා – මම පරික්ෂණයක් කරන්නම් රෝහල් අධ්‍යක්ෂකට විරුද්ධව….. රෝහල්වල බෙහෙත් තියෙනවා. රසානයනාගාර සේවා රෝහල්වල තියෙනවා.

අනුර කුමාර දිසානායක මහතා – රෝහල්වල බෙහෙත් තියෙනවා කියනවා. සියලූම රෝහල්වලින් කරගත හැකියි කියනවා. රටේ සෞඛ්‍ය සේවය යහපත්නම් ඇයි රෝහල් ඉදිරිපිට ෆාමසි තියෙන්නේ…. ලේ මුත්‍රා පරික්ෂා කරන රසායනාගාර සේවා තියෙන්නේ ඇයි…. ඉස්සර රෝහල් ඉදිරිපිට තිබුණේ මිනි පෙට්ටි සාප්පු…. ඒ මිය යන අයට රෝහලෙන් පෙට්ටි නොදෙන නිසා…. අද රෝහල්වලින් බෙහෙත් නොදෙන නිසා ලේ, මුත්‍රා පරික්ෂා නොකරන නිසා තමයි ෆාමසි, රසායනාගාර සේවා තියෙන්නේ.

මේ අවස්ථාවේ සෞඛ්‍ය ඇමතිවරයා නැගිට යමක් නොනවත්වා ප්‍රකාශ කරයි. මයික්‍රෆෝනය ක්‍රියාත්මක නැති බැවින් පැහැදිලිව ශ්‍රවණය වූවේ නැත.

අනුර දිසානායක මහතා – රෝහල්වල යහපත් සෞඛ්‍ය සේවයක් තිබෙනවා නම් ඇයි සෞඛ්‍ය ඇමතිවරයා ජනාධිපති අරමුදලෙන් ලක්ෂ සියයක් අරගෙන සිංගප්පූරුවේ මවුන්ට එළිසබෙත් රෝහලට ගියේ…. මොන හිගන්නෙක්ද මේ…..
(සභාවේ ඝෝෂා සෞඛ්‍ය ඇමතිවරයාද දිගින් දිගටම යමක් කියයි)

කතානායක – වාඩි වෙන්න වාඩි වෙන්න

අනුර දිසානායක මහතා – මගේ කතාව. ඇයි මම වාඩිවෙන්නේ. එයාට වාඩි වෙන්න කියන්න. අපේ ගෙදර ටොමියත් මෙහෙම තමයි. එක පාරටම බුරනවා. ටොමියා ඇයි බුරන්නේ…. මොදර ධිවර වරාය බදු දුන්නා. මාසෙක තක්සේරුව ලක්ෂ 17 යි. එක් ලක්ෂ විසි පන්දහස ගානේ මාස තුන්සියයකට බදු දුන්නා. පරික්ෂණ අල්ලස් කොමිසම කරගෙන යද්දි ජනාධිපතිවරයා හමුවෙලා අධ්‍යක්ෂ ජනරාල්වරිය මාරු කළා. අයුර්වේද සංස්ථාවට මස්සිනා දාලා. නෝනා පත්විම් දෙනවා. පට්ට හොරෙක්…. මොන හිගන්නෙක්ද මේ ලැජ්ජයි…. ඒවට එන්න එපා හොදේ…. මගෙන් මොකක්වත් අහගන්න එපා…. ආණ්ඩුවත් එක්ක බිස්නස් කරලා මන්ත්‍රීකම නැතිවුනා. රනිල් වික්‍රමසිංහට දණගහලා වදින්න ඕනේ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීකම දුන්නට….. බිස්නස් කරලා මන්ත්‍රීකම නැතිවුන එකම පුද්ගලයා මෙයා…. සෞඛ්‍ය සේවය බිද වැටිලා. මේ නියගය නිසා ගමේ මිනිහෙක් අසනීපවුනොත් බෙහෙත් ගන්නවත් ආර්ථික ශක්තියක් නැහැ. ගොවි ජනතාව වකුගඩු රෝගයෙන් පෙළෙනවා. ජනාධිපති අරමුදලෙන් දෙන්නේ එක් ලක්ෂ හැත්තෑ පන් දාහයි. ඒකටත් ග්‍රාමසේවකගේ, ප්‍රාදේශිය ලේකම්ගේ සහතිකය ඕනේ. ඒත් රටේ සෞඛ්‍ය ඇමතිට ජනාධිපති අරමුදලෙන ලක්ෂ සියයක් දෙනවා. මොන හිගන්නෙක්ද ඒ සෞඛ්‍ය ඇමති.
(යළි සෞඛ්‍ය ඇමතිවරයා යමක් කියයි)

දිසානායක මහතා – බුරන්න එපා. එතුමා කෝප වෙලා. ටොමියා ඇවිස්සිලා.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.