මීළඟ හමුදාපති ගෙදර යද්දී කවුද එන්නේ?

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක ඉදිරි සතියේදී විශ්‍රාම ලැබිමට නියමිතය. වසරක සේවා දිගුවක් මත යුද හමුදාපති ධුරය දරමින් සිටි ඔහුට තවත් සේවා දිගුවක් නොලැබෙනු ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ලුතිනන් ජෙනරාල් දයා රත්නායක  විශ්‍රාම ලැබිමෙන් පුරප්පාඩු  වන යුද හමුදාපති ධුරය සඳහා ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කීප දෙනකුගේම නම් යෝජනා වී තිබේ. දැනට රුසියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති ධුරය හොබවන මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මූලස්ථානයේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් රඹුක්‍පොතගේ නම් ඒ අතර මුලින්ම කියවෙන බව සඳහන්ය.

Army commander to retire .

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.