මුදල් අමාත්‍යංශ රථ ගාලේ නවතා තිබූ ජීප් රථයේ රිවෝල්වරයක්

revolverමුදල් අමාත්‍යාංශ රථගාලේ නවතා තිබූ කළු පැහැති සුඛෝපභෝගී ජීප් රථයක තිබී රිවෝල්වරයක් සොයා ගෙන තිබේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. මේ පිළිබඳව එම රථයේ රියදුරු ඇතුලු කිහිප දෙනෙකුගෙන්ම ප්‍රකාශ ලබාගෙන ඇති බව සඳහන්. රිවෝල්වරයේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක කල බව පොලීසිය සඳහන් කලා.

මෙම ජීප් රථය මීට පෙර භාවිතා කර ඇත්තේ රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු විසින්. පසුගිය තුන්වනදා මුදල් අමාත්‍යාංශ රථගාලේ නවතා තිබූ සුඛෝපභෝගී ජීප් රථයක් තුළ තිබියදී මෙම රිවෝල්වරය හමුවී තිබුණේ එහි රියදුරුටයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.