මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන් ගේ පංසලේ දේශපාලනය තහනම්

Ven. Muruthetuwe Ananda Theroනාරාහේන්පිය අභයාරාම විහාරස්ථානය දේශපාලන කටයුතුවලට හෝ වෘත්තිය සමිති කටයුතුවලට යොදා ගැනීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය ඊයේ (14) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන මුලස්ථානයක් වුවේ අභයාරාමයයි.

පසුගියදා පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ජනාධිපතිවරයා හෙද සේවා රැස්වීමකට කැඳවා හෙද සේවය කඩා වැටී ඇති බව පැවසූ විට ජනාධිපතිවරයා පැවසුවේ තමන් ඊට එකඟ නොවන බවයි. තමන්ට යමෙක් සැලකුවහොත් සලකන නමුත් හරහට හිටියහොත් හරහට සිටින බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කළ ප්‍රකාශයට හෙදියන් කීප දෙනෙක්ම අප්‍රසාදය පල කළහ.

අතුරු තහනම් නියෝගය
කොළඹ දිසා විනිසුරු සුජීව නිශ්ශංක මෙම නියෝගය නිකුත් කළේ පූජ්‍ය පත්බේරියේ විමලඥාණ හිමියන් විසින් ගොනු කර තිබූ නඩුවක් අද සලකා බැලීමෙන් අනතුරුවයි. ඒ අනුව මෙම අතුරු තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් බලපානු ඇති.

මෙම නඩුව ගොනු කරමින් පූජ්‍ය පත්බේරියේ විමලඥාණ හිමියන් පෙන්වා දී ඇත්තේ අභයාරාම විහාරස්ථානයේ විහාරාධිපති ධුරය තමන්ට හිමි විය යුතු බවයි. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් නීතියට පටහැනිව එම විහාරස්ථානයේ විහාරාධිපති ධුරය දරණ බවද නඩුව මගින් පෙන්වා දී ඇත. බෞද්ධ සදාචාරයට පටහැනි වන ආකාරයට සහ සමාජය හමුවේ හෑල්ලූ වන ආකාරයට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අභයාරාම විහාරස්ථානය දේශපාලන හා වෘත්තීය සමිති කටයුතුවලට යොදා ගෙන ඇති බැවින් එය වළක්වාලමින් අතුරු තහනම් නියෝගයන් නිකුත් කරන ලෙසයි නඩුව මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.