මුල්ලේරියාව පාලනය කරන්නේ අංගොඩ ලොක්කාද ?

phoneපසුගිය 16 වෙනිදා මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති රොෂාන් චාමින්ද හෙට්ටිආරච්චිට ඉන්දියාවේ හිරගෙදරක සිට අංගොඩ ලොක්කා දුරකතන ඇමතුමක් දී තර්ජනාත්මකව කතා කල පසු ඔහු මෙරටට ගෙන්වා ගෙන නීතිමය කටයුතු කිරීම ප‍්‍රමාද වීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්තුල බලවත් කලකිරීමක් ඇතිවී ඇත.

මුල්ලේරියාව ප‍්‍රදේශයේ වැලි ගොඩ දැමීම කරන පුද්ගලයින්ගෙන් වැලි කියුබ් එකකට රුපියල් දෙදහ බැගින් කප්පම් ගන්නා අංගොඩ ලොක්කා ඉන්දියාවේ සිට තර්ජනාත්මකව පවසා ඇත්තේ තමන් සූරාකෑමකට ලක්වන පොඩි මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින බවයි. පොලිස් ස්ථානාධිපතිවරයා නීති විරෝධි වැලි ගොඩ දැමීම නතර කිරීමට දැඩි උත්සාහයක දරණ නිලධාරියෙක් සේ ප‍්‍රකටය.

දකුණේ පාතාලය හා පොරබදා මුල්ලේරියාවට පැමිණි රොෂාන් චාමින්ද හෙට්ටිආරච්චිගේ ජීවිතය දැන් අනතුරට ලක්්වීමට දැන් ඉඩ ඇත. ඊටත් වඩා නීතිය හා යුක්තිය තමන් තඹේකටවත් ගනන් නොගන්නා බව ඉන්දියාවේ හිරගෙදරක වරෙන්තු පිට සිටින අංගොඩ ලොක්කා රටටම පණිවිඩයක් දී ඇත. මේ පණිවිඩයට දෙන ප‍්‍රතිචාරය කුමක්ද යන්න පිළිබඳව බොහෝ දෙනා බලා සිටිති.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.