මුස්ලිම්වරුන්ට එරෙහි ක්‍රියා පිලිබඳ කොමිසමක් ඕනෑ

මුස්ලිම් ප්‍රජාවට ප්‍රහාරයන් එල්ල කිරීම සඳහා සිංහල ජාතිවාදී සංවිධානවලට පසුගිය රජය මුදල් ලබා දී ඇති බව බස්නාහිර පළාත සභා මන්ත්‍රී අසාද්  සාලි  කියා සිටී

asad

මේ සඳහා ඇතැම් භික්ෂුන් වහන්සේලාට රුපියල් මිලියන ගණනක් රජයෙන් ගෙවා ඇති අතර  ඩිෆෙන්ඩර් වාහන දී ඇති බවත් සාලි කියා සිටී.

සනාථ කළ  හැකි සාක්ෂි සහිතව තමන් මේ පිළිබඳව රහස් පොලිසියට පැමිණිලි කරන බව ඔහු කියාසිටී.

 

17lanka-cnd-master675

 

මුස්ලිම් ජනතාව කොන්දේසි විරහිතව යහ පාලනයට සහයෝගය දුන් අතර තමන් සිදුවූ අකටයුතු සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් අපේක්ෂා කරන් බවත් අසාද්  සාලි  පෙන්වා දෙයි.

පසුගිය රජය පවතින කාලය තුළ පැමිණිලි 226 ක් ඉදිරිපත් කර ඇති නමුත් ඒ කිසිවක් පිළිබඳව පරීක්ෂණ පවත්වා නැති බවයි මන්ත්‍රී අසාත් සාලි පවසන්නේ.

මේ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කොමිසමක් පත් කළ යුතු බවයි සාලි කියා සිටින්නේ.

request for a commission on crimes against muslims

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.