මුස්ලිම්වරුන් වෙනුවෙන් බොදු බල සේනා

Nanasara-himiමාසයක කාලයක් ඇතුළත යළිත් කූරගල පුදබිමේ අයිතිය වෙනුවෙන් සටන් වදින බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද පැවති මාධ්‍ය හමුවකදීකීය. පුරාවිද්‍යා පනත කි‍්‍රයාත්මක කරමින් කූරගල පුදබිම සුරැකීමට බලධාරීන් කි‍්‍රයා නොකරන බවද උන්වහන්සේ පවසති..

‘නොයෙක්විදිහේ රැවුල්කාරයෝ, නොයෙක් විදිහේ ඇදුම් ඇදගත්ත කණ්ඩායම්, මේසම්ප්‍රදායික අපේ සහෝදර මුස්ලිම් ජනතාව අතික්‍රමණය කරනවා. සම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සු මේ වගක් දන්නේ නැහැ. හැබැයි ඔවුන් නොදැනුවත්ම ඔවුන්ගේ අලුත් පරම්පරාවේ දරුවෝ සෞදියට යනවා, ඒ විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්නවා. මේවා ගැනහොයන්න. මුස්ලිම් බොහෝ දෙනෙක් කතා කරන්න භීතියට පත්වෙලා ඉන්නවා දැනටමත්.අපිත් එක්ක කණ්ඩායම් ගණනාවක් වැඩ කරනවා මුස්ලිම් සහෝදරයෝ. ඒ අය මොහොතක් පාසාම අපිව දැනුවත් කරනවා.’ යැයි උන්වහන්සේ පැවසුහ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගේ අනුග්‍රහය  ලබමින් මුස්ලිම්  ජනතාවට මීට පෙර සහයෝගය පල කරමින් වැඩ කල ආකාරයට නව පරිපාලනය යටතේ කටයුතු

කරගෙන යෑමට දැනට ඉඩක් නොලැබෙන බව දේශපාලන නිරීක්ෂකයින් පෙන්වා දෙති.කෙසේ වෙතත් ආගම්වාදී සහ ජාතිවාදය දනවන සුළු ප්‍රකාශ කරන පිරිස් වලට නිදැල්ලේ

තමන්ගේ ක්‍රියාකාරකම් කරගෙන යෑමට ඉඩ දුනහොත් යළිත් වතාවක් හන්දියක් හන්දියක් ගානේ ජාතික සහ ආගමික හැගීම් අවුස්සන රැස්වීම් පැවැත්වීම ආරම්භවිය හැකිය.එවිට ජාතික සහ ආගමික සංහිඳියාවට අබසරණයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.