මෙදා පාරත් තොණ්ඩමන් ආණ්ඩුව එක්ක

 

download (74)

 

ලංකා කම්කරැ කොංග‍්‍රසය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට තීරණය කර ඇත.

කොළඹ  විජේරාම නිල නිවසේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවී එම පක්‍ෂ නායක ආරුමුගම් තොණ්ඩමන් සහ එහි සභාපති මුත්තුශිවලිංගම් යන මහත්වරුන් මේ බව දැනුම් දී තිබේ.

download (73)

හිටපු ජනාධිපතිවරයා  නාම යෝජනා භාර දීමටපෙරදා අරලියගහ මන්දිරය වෙත් ගොස් රන්වන් පැහති සළුවක් පොරවා තමන් දිගටම මහින්ද රාජපක්ෂ  මහතාට සහයෝගය අල කරන බව කියා සිටියේය.

 වතුකරයේ දෙමළ ජනතාව නියෝජනය කරන ප්‍රධාන පක්ෂය වන ලංකා කම්කරැ කොංග‍්‍රසය ආණ්ඩු පක්ෂයට එක්වෙන හැම අවස්ථාවකම  කියා සිටින්නේ වතුකරයේ ජනතාවගේ ඉල්ලීම් දිනාගැනීම සඳහා තමන් ආණ්ඩුව සමග එක වෙන බවයි.

download (76)

ආණ්ඩු පක්ෂය සමග එක්වෙන නායකයින් තමන්ගේ ප්‍රශ්න විසඳා ගෙන ඇති  බවක් පෙනෙන්ට ඇති නමුත් විරැකියාව,මන්ඩ් පෝෂණය සහ අධ්‍යාපනය අතින් වඩාත් පසුගාමී ජන් කොටසක් වන්නේ වතුකරයේ ජනතාවයි.

වතුකරය තුලින් මතුවෙන සියළුම දේශපාලන පක්ෂ ආණ්ඩු බලය හා එක්වීම් හේතුවෙන් වතුකරයේ ජනතාව සැබෑ දේශපාලන නියෝජනයක් නැති පිරිසක් බවට පත්ව සිටිති.

ශ්‍රි ලංකාවේ වයස අවුරුදු පහට අඩු සෑම දරුවන් පස් දෙනෙකුගෙන් එක අයෙක් මන්ද පෝෂණයෙන් පෙලෙන  අතර  වතුකරයේ සීයට තිස් දෙකක් දරුවන් මන්ද පෝෂණයෙන් පෙළෙන බව ව මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා කියා සිටියි.

download (78)

දෙමාපියන්ගේ අනවබෝධය වතුකරයේ දරුවන් අතර මන්ද පෝෂණය ඉහල යාමට ප්‍රධාන හේතුවක් බවයි  ඔහු පවන්නේ.

පසුගිය කාලය තුලදී වතුකරයේ ආර්ථික මට්ටම් තරමක වදවී ඇතත් ඊට ස්රලන් ලෙසින් සමාජ සුබසාධක ම්ට්ටාම් ඉහළ ගොස් නැත.මීට‍ ප්‍රධාන වශයෙන්ම බලප ඇත්තේ අඩු අධ්‍යාපන මට්ටමයි.

මෙරට වතුකරයේ මව්වරුන්ගේ සෞඛ්‍ය තත්ත්වය දැඩිව පිරිහී ඇතැයි දිවයින පුරා වතු 450 ක් මුල් කර ගනිමින්  රාජ්‍ය නොවන සංවිධානයක්  විසින්කළ සමීක්ෂණයකින්  හෙළිදරව් වුනා. වතුකරයේ මව්වරුන්ගෙන් බහුතරයක්  අඛණ්ඩව සේවයේ නිරත වීම හේතුවෙන් නියමිත පෝෂණය හෝ විවේකය ලබා ගැනීමට කාලය අහිමිවීමත් සමග ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය බිඳ වැටී ඇතැයි සඳහන්. ඒ හේතුවෙන්ම වතුකරයේ දරුවන් සම්බන්ධයෙන් සොයා බැලීමේ අවස්ථාවන් ද වතුකරයේ කාන්තාවන්ට අවම වී තිබෙනවා.

මේ අතර වතු ජනතාව අතර මානසික රෝග හා ගැටළු අනෙක් ප‍්‍රදේශවලට සාපේක්ෂව ඉහළ මට්ටමකට පත්ව ඇති බවද මෙම වාර්තාවේ දැක්වෙනවා. එමෙන්ම වතුකරයේ බිළිඳු උපත් අඩුබර සහිතව සිදුවීම තවදුරටත් ඉහළ මට්ටමකින් පවතින බවටයි තොරතුරු හෙළිව ඇත්තේ.

 

 

download (77)

 

වතුකරයේ ජනතාවට ඉඩම් නොමැතිවීම නිසා ගෙවන්නට සිදුවී තිබෙන ලයින් කාමර ජීවිතය හේතුවෙන් ඔවුන්ගේ ඉදිරි ගමන විශාල වශයෙන් සීමා වී පවතී.

වතුකරයෙන් තරුණ දේශපාලඥයින් කීප් දෙනෙක් මතුව සිටියත් පතින බල කේන්ද්‍ර වලට ගාල් වීම හැරෙනට ඔවුන් ගෙන් ඊට වැඩි යමක් සිදුවෙන බවක් පෙනෙන්ට නැත.

පුරා වසර 150 තිස්සේ එක තැන පල්වෙන වතුකරයේ ජනතාවට බලකෙන්ද්‍ර වටා බ්‍රහ්මණය වෙන දේශපාලඥයින්ගෙන් ලබාගත් හැකි ප්‍රධනම සේවාව වන්නේ පොලීසියට අල්ලා ගෙන් ගිය විට OIC මහතාට ටෙලිෆොන් කොට තරමක් ඉක්මනට එලියට ඒමයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.