මෙන්න ජවිපෙ ප්‍රතිපත්ති

150722152121_jvp_manifesto_512x288_bbc_nocredit (2)

ජනතා විමුක්ති පෙරමුණ අද සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වනු ලැබුවේ කොළඹ – සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන උත්සවයකදී.

හෘද සාක්ෂියේ සම්මුතියේ ජාතික වැඩපිළිවෙළ යැයි නම් කරන ලද මෙම වැඩපිළිවෙල තුළ ජනතාවාදී පාලනයක්, උසස් මානව සම්පතක්, නවීකරණය වූ හා කාර්මිකරණය වූ රටක්,සාධාරණ සමාජයක් සහ නිවහල් මිනිසෙක් යන මුලික කරුණු වෙනුවෙන් කරුණු දක්වා තිබින.

නව ව්‍යවස්ථාවක්,නව මැතිවරණ ක්‍රමයක්,ඇමති මණ්ඩලය 25

පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට ජනතාවගේ අදහස් ලබාගෙන නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර වසරක් තුළ ජනමත විචාරණයකින් සම්මත කර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ බලාපොරොත්තුවයි.මැතිවරණ ක්‍රමයද රටේ සියළු ජන කණ්ඩායම්වල නියෝජනයක ලැබෙනසේ වඩාත් නිවැරදිව හා විධ්‍යත්මකව සකස් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.ජනතා විමුක්ති පෙරමුණේ ඇමති මණ්ඩලය 25 කට සිමා වන අතර විධායක ජනාධිපති ක්‍රමයද ඔවුන් සම්පුර්ණයෙන්ම අහෝසි කිරීමට යෝජිතය.

ජනතා විමුක්ති පෙරමුණ යටතේ මන්ත්‍රී වරප්‍රසාද අඩුවේ

මන්ත්‍රීවරුන්ට ලබාදෙන වාහන බලපත්‍ර අහෝසිකරන අතර ඔවුන්ගේ රාජකාරි කටයුතු සදහා රජයෙන් වාහන ලබාදීමටයි ජනතා විමුක්ති පෙරමුණ යෝජනා කරන්නේ. මන්ත්‍රී විශ්‍රාම වැටුපද අහෝසි කෙරේ

ජන්ද බලය වයස 16 දී

වයස 16 ඉක්මවූ ඕනෑම කෙනෙකුට ජන්ද බල ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණ යෝජනා කරන අතර විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ටද ජන්ද බලය ලබාදෙන බව පවසයි

ජාතික සමගියට “වෙනස්කම් වැළැක්වීමේ කොමිෂන් සභාවක්”

විවධ ආගම් සහ ජන කණ්ඩයම් අතර ගැටුම් ඇතිවීමට හේතුවන කරුණු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහනම් කෙරේ. සියළු ජන කණ්ඩයම් වල සමාන අයිතිය ව්‍යවස්ථාවෙන් තහවුරු කෙරේ. ජාතිකත්වය ආගමිකත්වය හෝ වෙනත් කිසිදු හේතුවකට පුරවැසියෙකුට නින්දා අපහාස කිරීම සපුරා තහනම් කරන අතර ඒ හා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි භාර ගැනීමට “වෙනස්කම් වැළැක්වීමේ කොමිෂන් සභාවක්” පත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි

යුද්ධයෙන් නිවාස අහිමිවූ අයට ලක්ෂ පහක මුදල් ආධාරයක්

crowed at JVP manifesto

යුද්ධයෙන් නිවස අහිමිවූ අය සදහා එම නිවස නැවත ඉදි කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 5 ආධාරයක් ලබාදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

වසර පහක කාලයක් සඳහා සෑම පුද්ගලයෙකුටම රජය වෙනුවෙන් වගකියන වෛද්‍යවරයෙකුගේ ආවරණයක් ලබාදෙන බව පවසන ජනතා විමුක්ති පෙරමුණ ඊට අමතරව සැම පුද්ගලයෙකුම වසරකට වරක් පරීක්ෂාවට ලක්කරන බවද කියා සිටී.

හයි බ්‍රීඩ් වාහන බදු අඩුකෙරේ

දැනට ඉහළ නංවා ඇති හයි බ්‍රීඩ් වාහන බද්ධ අඩුකිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන බව පවසයි. විදුලියෙන් ක්‍රියාකරන වාහන පාවිච්චිය දිරිමත් කිරීම සදහා එවැනි වාහන සදහාවූ විදුලි ආරෝපණ මධ්‍යස්ථාන 6000 ක් පිහිටුවීමට ජනතා විමුක්ති පෙරමුණ යෝජනා කරයි.

වැටුප් වැඩිවීම්

රාජ්‍ය සේවකයන්ට ලබාදී ඇති සියළු දීමනා සේවක වැටුපට එක් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. රැකියාවක් කළ යුතු අය සදහා රැකියාවක් ලැබෙන තෙක් ජීවත්වීමට රජයෙන් දීමනාවක් ලබාදෙන බවද ඔවුන් පවසති. පුද්ගලික් අංශයේ සේවකයන්ට රුපියල් 2500 පඩි වැඩිවීමක් ලබාදීමට නීති සකස් කරන බවද ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ ප්‍රකාශයේ සදහන්

විදේශගත ශ්‍රී ලාංකිකයන්ට තීරු බදු වාහන

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ වැටුප් කාණ්ඩය හා ශ්‍රී ලංකාවට එවන මුදල අනුව සලකා බලා තීරු බදු සහිතව වාහන ගෙන්වීමට අවසර ලබාදෙන බව පවසති.

අධිකරණ ගොඩගැසී ඇති නඩු විසඳීමට වැඩ පිළිවෙළක්

වසරකට අධිකරණ වල නිමකරන නඩු ප්‍රමාණය 875,000 සිට ලක්ෂ 12 දක්වා වැඩි කිරීමට විනිශ්චකරුවන්ගේ ප්‍රමාණය වැඩි කිරීමට යෝජනා කෙරෙනඅතර ඊට අමතරව 290,000 ක් පමණ වන රථ වාහන නඩු අඩුකිරීම සදහා වැරදි සදහා පොලිස් නිලධාරීන් විසින්ම දඩ පත්‍ර ලබාදීම තුළින් ගැටළුව විසඳා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ යෝජනා කරයි

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.