මෙහෙම ගණන් උගන්නන්න එපා – සංවේදී නම් වීඩියෝව බලන්න එපා

afraidදරුවන් හට හිංසනයෙන් හෝ ඉගැන්වීමට පසුබට නොවෙන දෙමව්පියන් බොහෝ සිටිති. මේ අය ලජ්ජාවෙන් හකුළුවාලීමට මෙම වීඩියෝ සටහන සමත් වෙනු ඇත.

පුංචි දැරියකට පහර දෙමින් ගණන් කියාදෙන්න උත්සාහ දරන අයුරු රැගත් මේ වීඩියෝ පටය පසුගිය දවස්වල අන්තර්ජාලය ඔස්සේ බොහෝ දෙනාට දැක ගන්නට ලැබිණි. මෙය දුටු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි බොහෝ සෙයින් සංවේදී විය.

“මේක බොහොම දුක්බර සිදුවීමක්. දරුවන්ට ඉගැන්විය යුතු බව ඇත්ත. ඒත් මේ අන්දමින් ඔවුන්ට හිරිහැර කරන්න අයිතියක් නැහැ. මේකට වගකිව යුත්තන්ගෙ අවධානය යොමු විය යුතුයි.”

කෝලි පවසන්නෙ දැඩි හිත් වේදනාවකින්. ඒ විතරක් නෙවෙයි. අවස්ථාවක් ඇතොත් දරුවා රැක බලාගන්න පවා ඔහු ඉදිරිපත් වෙලා. ඔහු විතරක් නෙවෙයි, ෂිකර් ධාවන් සහ ඔහුගේ බිරිය අයේෂා, යුවරාජ් සිං, රොබින් උතප්පා ද මේ දරුවා රැකබලා ගැනීමට තම දායකත්වය ලබා දෙන්න සූදානම් බව තම ට්විටර් අඩවිවල සඳහන් කොට ඇත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.