මෙහෙම දෙයක් කවදාවත් වෙලා නැහැ-හිටපු ජනපති

02

ලක්ෂ පනස් හතක් තරම් ජනතාව තමන් වෙනුවෙන් ඡන්දය භාවිතා කල අතර දේශපාලන පළිගැනීම් සිදුවෙතැයි ඔවුන් නොසිතු බව දළදා සමිඳුන් වැඳපුදාගැනීමෙන් අනතුරුව  මහ නාහිමිවරුන් බැහැදැකීමට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේය.

ට දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල මෙන්ම ලොහාන් රත්වත්ත, දිලූම් අමුණුගම යන පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් සමග සිටි  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ පළමු කොට පලිගැනීම් නතර කල යුතු බවයි.

හිටපු ජනපති වරයා ඔහුගේ කාල්ටන්  නිවස පරික්ෂා කිරීම ගැන කියා සිටීයේ මෙවැන්නක් කිසි දිනක සිදු නොවූ  බවයි.

” 1931 වසරේ සිටම අපේ පරම්පරාව දේශපාලනය කළා.නමුත් ප්‍රථම වතාවට තමයි අපේ ගෙදර පරික්ෂා කළේ.පරික්ෂා කරලා හමුවුණු දෙයක් නැහැ.මේ අහිංසක ජනතාවට හිරිහැර නොකරයි කියා අපි බලාපොරොත්තු වෙනවා.” යැයි ජනධිපතිවරය පැවසීය.

රැස්ව සිටි ජනතාව වෙතින් හිටපු ජනාධිපතිවරයාට ලැබුනේ උණුසුම් පිළිගැනීමක්.

[vsw id=”/ma_bbffl1E0″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.